උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday, 22 November 2019

අසභ්‍යය දර්ශන සහිත සංයුක්ත තැටි තොගයක් සමග සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට.


කොළඹ සිට හැටන් හරහා වැලිමඩ දක්වා අසභ්‍යය දර්ශන සහිත සංයුක්ත තැටි (නිල් චිත්‍රපට) තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙක් හැටන් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් අද (22) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.හැටන් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් අද (22) පස්වරුවේ  හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයේ සිදු කල හදිසි පරික්ෂාවකදි කොළඹ සිට වැලිමඩ දක්වා ධාවනය වු මොටර් රථයක් පරික්ෂා කිරිමේදි මොටර් රථය තුල අසභ්‍යය දර්ශන සහිත නිල් චිත්‍රපටි සහිත සංයුක්ත තැටි 1550 ක් තිබි පොලිස් භාරයට ගත් බවයි වැටලිම සිදු කල කොට්ඨාශ දුෂන මර්දන ඒකකයේ නිලධාරින් කියා සිටියේ.45 හැවිරිදි  සැකකරු වැලිමඩ ඇතුළු ප්‍රධාන නගර කිහිපයකම සංයුක්ත තැටි අලෙවි කරන වෙලදසැල් වලට මෙම අසභ්‍යය නිල් චිත්‍රපටි සහිත සංයුක්ත තැටි අලෙවි කිරිමේ ජාවරමේ නිතරව සිටින අයෙකු බවයි කරන ලද මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇත්තේ.අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව  වැටලිම සිදු කල නිලධාරින් පැවසිය.








No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot