පුටු වෙනසක් සමග අලුත් පාර්ලිමේන්තු සැසියක්.
පාර්ලිමේන්තුවේ වර්තමාන සැසිවාරය අවසන් කර නව සැසිවාරයක් කැඳවීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡුා සිදුවෙමින් පවතිනවා. සදුදා දිනය වන විට ඒ සම්බන්ධයෙන් අවසන් එකගතාවක් ඇති කර ගැනීම ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රධාන රජයේ අපේක්‍ෂාවයි.
නව සැසිවාරයක් ආරම්භ කිරීමේදී සිදුවන්නේ ජනාධිපතිවරයා රාජාසන කතාවක් සිදුකර ඉදිරි වැඩපිළීවෙල පිළිබඳ කරුණු පැහැදිලි කිරීමයි. රට වෙනුවෙන් අනුගමනය කරන ප‍්‍රතිපත්ති පුළුල්ව පැහැදිලි කිරීමේ අවස්ථාවක් ලෙස එය හැඳින්විය හැකියි. එමෙන්ම පවතින සැසිවාරය අවසන් කිරීමට හා නව සැසිවාරයක් ආරම්භ කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදන දෙකක් නිකුත් කළ යුතු වනවා.
කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ අමාත්‍යවරුන්ගේ දිවුරුම්දීම අවස්ථාවේ ප‍්‍රකාශ කර සිටියේ ව්‍යවස්ථාවට අනුව තමන්ට ලැබෙන ප‍්‍රථම අවස්ථාවේදීම මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන බවයි. ඒ අනුව විමසා බැලීමේදී පෙබරවාරි මාසය අවසානයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාට හිමිවනවා. එසේ වුවහොත් අපේ‍්‍රල් මස අවසානයේ හෝ මැයි මස මුලදී පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙනු ඇති. ඒ දක්වා කාලය තුළ ඊයේ පත්කළ කැබිනට් මණ්ඩලය යටතේ ඉදිරි වැඩකටයුතු මෙහෙයවීම ජනාධිපතිවරයාගේ අපේක්‍ෂාව බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් පවසනවා.
මේ අතර පාර්ලිමේන්තුවේ ආසන පැනවීමේ වෙනසක් සිදුකර ඇති බව පාර්ලිමේන්තු වේත‍්‍රධාරී නරේන්ද‍්‍ර ප‍්‍රනාන්දු මහතා සඳහන් කළා. ඒ අනුව, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් සඳහා ජ්‍යෙෂ්ඨත්වය අනුව ආසන පැනවීමටයි පියවර ගෙන තිබෙන්නේ. මේ අතර ලබන සදුදා දිවුරුම්දීමට නියමිත රාජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව අනුව ආණ්ඩු පක්ෂයේ සෙසු ආසන පැනවීමට නියමිත බවද නරේන්ද‍්‍ර ප‍්‍රනාන්දු මහතා පැවැසුවා. පාර්ලිමේන්තුව ලබන 03 වනදා රැුස් වීමට නියමිත බවද ඔහු සඳහන් කළා.

No comments:
Post a Comment