උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday, 20 November 2019

පොඩි මැණිකේ දුම්රියේ ගැටී ගේට්ටු මුරකරු ජිවිතක්ෂයට

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු පොඩි මැණිකේ දුම්රියේ ගැටී ගේට්ටු මුරකරුවෙකු අද (20) ජිවිතක්ෂයට පත් වි ඇති බව හැටන් පොලිසිය පැවසිය.
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු පොඩි මැණිකේ දුම්රියේ මල්ලිඅප්පුව දුම්රිය හරස් මාර්ගයේදි ගේට්ටු මුරකරු දුම්රියේ ගැටී ජිවිතක්ෂයට පත් වි ඇති බවයි හැටන් පොලිසිය කියා සිටියේ.
මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ එස්.මොගන් නැමති 47 හැවිරිදි තිදරු පියෙකි.
දුම්රිය හරස් ගේට්ටු මුරකරු දුම්රිය පැමිණෙනවාත් සමග හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් ගෙට්ටුව වසා පැමිණෙවාත් සමග දුම්රියේ ගැටිමෙන් අනතුරු ඔහුගේ හිස අඩි කිහිපයක් ඉදිරියට විසි වි තිබු බවත්,කද දුම්රියේ රැදි තිබු බවත් පොලිසිය පැවසිය.
දුම්රියේ ගැටුණ ගේට්ටු මුරකරුගේ සිරුර පොඩි මැණිකේ දුම්රියෙන්ම හැටන් දුම්රිය ස්ථානය වෙත භාර දි ඇත.
දුම්රියේ ගැටී ජිවිතක්ෂයට පත් වු ගේට්ටු මුරකරුගේ නිල නිවසද එ ආසන්නයේම පිහිටා ඇති අතර ගේට්ටු මුරකරු දුම්රියේ ගැටුණාද නැත්නම් දුම්රියට පැන සිය දිවි නසා ගත්තාද  යන්න පිලිබදව පොලිසිය පරික්ෂණ පවත්වයි.



1 comment:

Post Top Ad

Your Ad Spot