උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Monday, 18 November 2019

තීරණය ස්ථීරයි: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයට

රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වසර 10කට පසු ලබන මාසයේදී (දෙසැම්බර්) පාකිස්තානයේදී ටෙස්ට් තරගාවලියකට සහභාගී වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ලෝක ටෙස්ට් තරගාවලිය යටතේ පැවැත්වෙන එම තරග රාවල්පින්ඩි සහ කරච්චි ක්‍රීඩාපිටිවල දෙසැම්බර් 11 සහ 18 වෙනිදා ඇරඹෙනු ඇත.
ඊට පෙර සැලසුම් කර තිබුණේ, ඔක්තෝබර් මාසයේදී දෙරට අතර ටෙස්ට් තරගාවලිය පැවැත්වීමටත් ඉන්පසු දෙසැම්බර් මාසයේදී සීමිත පන්දුවාර තරග පැවැත්වීමටත් ය.
මෙම තරගාවලි, ආරක්ෂක හේතුමත පාකිස්තානයේ පැවැත්වීමට ශ්‍රී ලංකාව ආරම්භයේදී අකමැත්ත පළ කළ ද පසුව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය කළ ඉල්ලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් එකඟ වී තිබේ.
එහෙත් ආරක්ෂක තත්ත්වය පිළිබඳ පූර්ව නිගමනයකට පැමිණීම සඳහා තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය මුලින් පැවති අතර එම තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විණි.
එම තරගාවලියේදී සපයා තිබූ ඉහළ ආරක්ෂක පියවර සළකා බලා මෙම සංචාරයට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් එකඟ වී ඇත.

Getty ImagesImage copyrightGETTY IMAGES
Image captionතිලාන් සමරවීර

යෝජිත සංචාරය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා පැවසුවේ, "අප කණ්ඩායමේ පකිස්තාන සංචාරය ගැන ස්ථීර කරන්න කැමතියි. මීට පෙර සිදු කළ සංචාරය අනුව අපිට පෙනී යනවා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සුදුසු තත්ත්වයක් ඇති බව," යනුවෙනි.
තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය සඳහා පකිස්තානයට යෑම ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රමුඛ ක්‍රීඩකයින් 10 දෙනෙකු ප්‍රතික්ෂේප කළ අතර ඉන්පසු දසුන් ශානක ගේ නායකත්වයෙන් නවක ක්‍රීඩකයන් රැසක් සහිත කණ්ඩායමක් සංචාරයට එක්විණි.
ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් පෙරේරා පාකිස්තානයට යෑම ප්‍රතික්ෂේප කළ ක්‍රීඩකයන් අතර වූහ.
එම සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ රුමේෂ් රත්නායක ශ්‍රී ලංකා කණ්ඩායමට සපයා තිබූ ආරක්ෂාව ගැන ඉහළ ප්‍රසාදයක් පළ කළේය.
තවත් ක්‍රිකට් කණ්ඩායම් නුදුරේදීම පාකිස්තානයේ සංචාරය කරනු ඇති බවට ඔහු විශ්වාසය පළ කළේය.
ජාත්‍යන්තර ක්‍රිකට් පිළිබඳව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ශකිර් ඛාන් පැවසුවේ, "මෙය පාකිස්තානයට සුවිශේෂ පුවතක්. එයින් පෙනෙනවා පාකිස්තානයත් අනෙක් රටවල් සේම ආරක්ෂාකාරී කියන එක."

Getty ImagesImage copyrightGETTY IMAGES
Image caption2009 දී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා පිටියෙන් ඉවතට ගෙන ගිය අකාරය

2009 ප්‍රහාරය

පාකිස්තානයේදී ටෙස්ට් තරගාවලියකට සහභාගී වූ අවසාන කණ්ඩායම වන්නේ ද ශ්‍රී ලංකා කණ්ඩායමයි. ලහෝර් නගරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැගත් රථ පෙළට ත්‍රස්තවාදීන් කණ්ඩායමක් වෙඩි තැබුහ. ඉන්පසු කිසිදු ජාත්‍යන්තර කණ්ඩායමක් ටෙස්ට් තරග සඳහා එරට සංචාරය කළේ නැත.

Getty ImagesImage copyright

කණ්ඩායම රැගත් බස් රථය පැද වූ රියැදුරාඑම ප්‍රහාරයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් හත් දෙනෙක් තුවාළ ලැබූ අතර ඉන් මැද පෙළ පිතිකරු තිලාන් සමරවීර බරපතල තුවාල ලැබීය.
පෙරමුණේ ගමන් කළ පොලිස් නිලධාරීන් 6 දෙනෙක් සහ රියැදුරෙක් එම වෙඩි තැබීම්වලින් ජීවිතක්ෂයට පත් වූහ.
සිය මංගල ටෙස්ට් තරගාවලිය සඳහා 2009 වසරේදී පාකිස්තානයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කළ තරංග පරණවිතානට අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණීමට සිදුවුයේ වෙඩි වැදුණු ක්‍රීඩකයෙක් ලෙසය.
"බුලට් එකක් වැදුණා පපුවට. වැදුන ගමන් මම පිට අල්ලලා බැලුවා පිටවුනාද කියලා, පපුවේ හැමතැනම ලේ ගලනවා" යනුවෙන් තරංග පරණවිතාන තමන්ට එදා එල්ලවූ වෙඩි ප්‍රහාරය ගැන වසර 8කට පසු ආවර්ජනය කරමින් මීට වසර දෙකකට පෙර බීබීසි සිංහල සේවයට සිය අත්දැකීම විස්තර කළේය.
"හැමෝම හිතුවේ මම මැරෙයි කියලා, ලේ දැකල. වාසනාවකට උණ්ඩය පිටින් ගිහිල්ල තිබුණේ නැහැ," ඔහු පැවසීය.
"එතකොටම වාස් අයියයි, ඩිල්ෂාන් අයියයි කෑ ගැහුව බස් රියදුරුට. go, go (යන්න, යන්න ) කියලා. බස් එක ගියා. තව ටික වෙලාවක් හිටියනම් කවුරුත් ඉතුරු වෙන එකක් නැහැ."
"ඒක චිත්‍රපටයක් වගේ, අපි දැක්කේ වටෙන් වෙඩි තියනවා, බෝම්බ පුපුරනවා, ටික වෙලාවක් ගිහිල්ල උණ්ඩ ඇතුළට එනකොට තමයි තේරුණේ මේක අපිට එල්ල කරන්නේ කියලා," තරංග පරණවිතාන තමන් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මුහුණදුන් ත්‍රස්යජනක අත්දැකීම හෙළි කළේ එලෙසය.
මෙම ප්‍රහාරය සහ එහි කම්පනය තම ජිවිත කාලයට ම අමතක නොවනු ඇති බව තරංග පරණවිතාන පැවසීය

No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot