උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Monday, 18 November 2019

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ වෙඩි තැබීමෙන් සිසුන් මරුට

කැලිෆෝනියවේ පාසලක සිදු වූ වෙඩි තැබීමෙන් වයස අවුරුදු 16ක සහ 14ක සිසුන් දෙදෙනෙකු මියගොස් ඇති අතර, තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීහු පවසති.
ලොස් ඇන්ජලීස් නගරයේ උතුරු ප්‍රදේශයේ සැන්ටා ක්ලැරීටා නගරයේ පිහිටි 'සෝගස්' උසස් විද්‍යාලයේ ඊයේ දින (නොවැම්බර් 14) පංති ආරම්භ කිරීමට සුළු මොහොතකට පෙර තත්පර 16ක් ඇතුළත සිදු වූ වෙඩි තැබීම්වලින් මෙම සිසුන් මිය ගොස් තිබේ.
සැකකරු එම පාසලේ තවත් සිසුවෙකු වන 'නෙතනිඑල් බර්හව්' ලෙස ඇමරිකානු මාධ්‍ය වාර්තා කර තිබූ අතර, ඔහුගේ දහසය වෙනි උපන්දිනය දින මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.
ප්‍රහාරයෙන් පසු සිය හිසට වෙඩි තබාගත් සැකකරු , මේ වන විට අසාධ්‍ය තත්ත්වයේ පසුවේ.
වෙඩි තැබීම සිදු වන මොහොතේ සිසුන් සහ ගුරුවරු ආරක්ෂාව පතා සිය පන්ති කාමර තුළ සැඟවී ඇත.
මෑත වසරවල දී මෙවැනි සිදුවීම් බොහෝ ප්‍රමාණයක් ඇමරිකාවෙන් වාර්තා වූ හෙයින් එවන් අවස්ථාවකට මුහුණ දෙන ආකාරය ගැන දැනුවත් කරමින් පාසල්වල විශේෂ වැඩසටහන් ද ක්‍රියාත්මක කර තිබිණි.

වෙඩි තැබීම සිදු වූයේ කෙසේ ද?

ලොස් ඇන්ජලීස් වේලාවෙන් උදෑසන 7.38ට මෙම ප්‍රහාරය ගැන පොලිසියට වාර්තා වී ඇති අතර මිනිත්තු දෙකක් ඇතුළත් පොලිසිය අදාළ ස්ථානයට වාර්තා කළ බව පොලිස් නිලධාරී ඇලෙක්ස් විලනෝවා පැවසීය.

Califonia ShootingImage copyright

සිය බෑගයෙන් පිටතට ගත් අර්ධ ස්වයංක්‍රීය පිස්තෝලයකින් තත්පර 16ක් ඇතුළත වෙඩි තබන විට සැකකරු සිටියේ පාසල් මිදුලේ බව තවත් පොලිස් නිලධාරියෙකු පැවසුවේය.
"ඔහු එක තැන ඉඳන් වෙඩි ප්‍රහාර එල්ල කළා. කිසි කෙනෙකු පසුපස ලුහුබැන්දේ නැහැ. සෙලවුනෙත් නැහැ," යැයි පොලිස් නිලධාරියා තවදුරටත් පැවසීය.
තත්වය පාලනය කරන තෙක් සිසුන්ට පැයක පමණ කාලයක් සිය පන්ති කාමරවල ආරක්ෂිත ස්ථානවල රැඳී සිටීමට සිදුව ඇත.
වෙඩි ප්‍රහාරවලින් තුවාල ලැබූ සය දෙදෙනකු රෝහල්ගත කෙරුණු අතර, සැකකරු ද ඒ අතර සිටි බව පොලිසිය පැවසීය.

මියගිය සහ තුවාල ලැබූවෝ කවුරුද?

සිද්ධියෙන් මියගොස් ඇත්තේ 16 වියැති සිසුවියක සහ දාහතර වියැති සිසුවෙකු වන අතර, ඔවුන්ගේ නම් මේ වන තෙක් හෙළි කර නොමැත.
දාහතර හැවිදිරි සිසුවියන් දෙදෙනෙක්, සිසුවෙක් සහ පහළොස් වියැති සිසුවෙක් තුවාල ලැබූවන් අතර සිටිති. ඔවුන් කිසිවෙකුගේ නම් හෙළි කර නොමැත.
මේ සියලුදෙනා සෝගස් උසස් විද්‍යාලයේ සිසුන්ය.

මේ තොරතුරුද කියවන්න:


Califonia ShootingImage copyright

සැකකරු සහ මෙම සිසුන් අතර සම්බන්ධතාවක් ගැන තොරතුරු ලැබී නැති බව පොලිසිය පැවසීය.

කවුද මේ තුවක්කුකරු?

සැකකරුගේ 16 වෙනි උපන්දිනය දින මෙම ප්‍රහාරය ක්‍රියාත්මක කර තිබේ. මෙම ප්‍රහාරය පිටුපස ඇති චේතනාව තවමත් හෙළි වී නොමැත.
ඔහු කිසියම් මතවාදයක් දරණ බවට සාක්ෂි නොමැති අතර, ඔහු තනි මතයට මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව ඇමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය පැවසීය.
පරීක්ෂකයන් සැකකරුගේ නිවස පරීක්ෂා කළ අතර, මව සහ පෙම්වතියගෙන් ප්‍රශ්න කර තිබිණි.
පාසලේ දී ඔහු කිසියම් හෝ අඩන්තේට්ටම්වලට මුහුණ පෑ බවට ද තොරතුරු නොමැත.
"සෝගස් පාසලේ හෙට විනෝදයක් ලබනවා," ලෙස ඉන්ස්ටග්‍රෑම්හි පළ වූවක් ගැන තොරතුරු ලැබුණ ද, එය සැකකරුට අයත් ගිණුමක් නොවන බව පසුව හෙළි කර ගෙන ඇත.

අනෙක් රටවල් හා සැසඳීමේදී අමෙරිකා එක්සත් ජනපදයේ ගිනි අවි හිමිකාරීත්වය පිළිබඳ තත්ත්වය කෙබඳුද ?

මේ වසරේදී (2017) කරන ලද සමීක්ෂණයකින් පෙන්වා දී තිබෙන්නේ තමන් ගිනි අවියක හිමිකාරීත්වය දරන බව හෝ සිය නිවසේ ගිනි අවියක් ඇතැයි යන්න ඇමෙරිකානුවන්ගෙන් 40%ක් පවසන බවය. එසේම ගිනි අවියක් භාවිතයෙන් මිනීමැරීම හෝ සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයේ අනුපාතය සැළකීමේදී සංවර්ධිත රටවල් අතරින් ඇමෙරිකාව ඉහළින් ම ඇති බවය.

Califonia Shooting

වසර 2016 දී අමෙරිකා එක්සත් ජනපදය තුළ ගිනි අවි භාවිතයෙන් ඝාතනය කෙරුණු පුද්ගලයින්ගේ සංඛ්‍යාව 11,000 ට අධික වන අතර එය මිනීමැරුම් හා සාවද්‍ය මනුෂ්‍ය ඝාතන ද ඇතුළු සියලු ආකාරයේ මිනීමැරුම්වලින් තුනෙන් දෙකක් පමණ වේ.

ලොව ගිනි අවි කා සතු ද ?

ලොව පුරා සිවිල් පුද්ගලයින් අත ගැවසෙන ගිනි අවි ප්‍රමාණය කොතෙක්දැයි නිශ්චිතව දැනගැනීම අසීරු වුවද, සෑම තක්සේරුවකින් ම පෙන්වාදෙන්නේ ඇමෙරිකාව තුළ මිලියන 250ක් පමණ ඇති බවය. ස්විට්සර්ලන්තය හා ෆින්ලන්තය වැඩිම ඒක පුද්ගල ගිනි අවි සන්තකය සහිත යුරෝපා රටවල් ලෙස සැළකේ.

තවත් තොරතුරු:

No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot