ඉස්ලාම් අන්තවාදි ත්රස්ත්රවාදි සංවිධානය
විසින් අවි පුහුණුව සදහා පුත්තලම ,වනඅතවිල්ලුව ප්රදේශයේ දී භාවිතාකල බවට සැක කෙරෙන වායු රයිපලයක් ඊයේ (4)
දින රාත්රී 7 ට පමන කෑගල්ල කොට්ඨාෂ අපරාධ
විමර්ශණ අංශයේ නිළධාරීන් විසින් මාවනැල්ල, මුරුතවල ප්රදේශයේ නිවසක තිබිය දි
අත්තඩංගුවට ගෙන තිබෙයි.ඒ සම්බන්ධ එම නිවසේ අයෙකු ද අත්තඩංගුවට ගෙන තිබෙයි.
2018 වර්ෂයේ දී පුත්තලම ,වනඅතවිල්ලුව ප්රදේශයේ දි ඉස්ලාම් අන්තවාදී සංවිධානය විසින් අවි පුහුණුව
සදහා වායු රයිපල් 3 ක් කෑගල්ල ,රංවල ප්රදේශයේ
දී මිල දී ගෙන තිබෙන අතර ඉන් එකක් වනඅත්විල්ලුව ප්රදේශයෙන් ද තව එකක් මාවනැල්ල නගරයේ බුදු පිලිම කැඩීමේ
සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු වන සාදික්ගේ මාවනැල්ලේ පිහිටි නිවසෙන් ද මීට කලින්
සොයා ගෙන තිබෙයි.අතුරුදහන් වී තිබූ අනෙක් වායු රයිපලය ඊයේ මෙසේ අත්තඩංගුවට පත් ව තිබෙයි.
No comments:
Post a Comment