උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday 11 March 2020

රවි කරුණානායක ඇතුළු පිරිස විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කරන්න - නීතිපතිගෙන් ඉල්ලීමක්

රවි කරුණානායක  ඇතුළු පිරිස විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කරන්න - නීතිපතිගෙන් ඉල්ලීමක් 


තමන් අත්අඩංගුට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු හතර දෙනෙකු විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බලන ලෙස නීතිපතිවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කළා.

මෙම පෙත්සම් අද අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා විසින් එම ඉල්ලීම ඉදිරිපත් කළා.

මෙය දැඩි මහජන අවධානයට පාත්‍ර වන නඩු කටයුත්තක් බැවින් එය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීම සුදුසු බවයි මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

මේ පිළිබඳ තීරණය අද දහවල් 12.45 ට ප්‍රකාශයට පත් කරන බව ද විනිසුරු මඩුල්ල නිවේදනය කළා.


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot