උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday, 4 March 2020

කුරුණෑගල දේශපාලනේ අවුල් ජාලාවක්.



පාර්ලිමේන්තුව විසුරුවනවාත් සමගම කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේශපාලන අපේක්ෂකයන් ඒ මේ අත දුවන්නට පටන් අරගෙන ඇතිබව වාර්තා වෙනවා. විශේෂයෙන් ජොන්ස්ටන් අමාත්‍යවරයාගේ එජාපය සමග තිබෙන ගිවිසුමත් එස් . බී නාවින්න මහතා  පොහොට්ටුවට පැමිණීමත් සමගම අසංක නවරත්න මහතාගේ ගෝල බාලයන් නාවින්න මහතාට මඩ ප්‍රහාර එල්ල කරමින් ඔහුව සමාදානයේ සැතපවීමට අර අඳින බව වාර්තා වෙමින් පවතී. කෙසේ වෙතත් කුරුණෑගල දේශපාලකයන් රටේම ප්‍රසිද්ධ වන්නේ ඔවුන් ප්‍රසිද්ද වීමට මාධ්‍ය හරහා  කරගෙන යන උත්සාහයන් නිසා බව නව අපේක්ෂක චරිත හේරත් මහතා කටුගම්පොලදී පවසා ඇතැයි දැනගන්නට ලැබී ඇත .

පසුගියදා කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ ක්‍රීඩා උත්සවයට සහභාගී වුනු ප්‍රාදේශීය සභාවේ සභාපති අචල නිමන්ත සහ මහජන පක්ෂයේ නායකයා වන අසංක නවරත්න යන දෙදෙනා උත්සව සභාවේදී දොඩමලු වී ඇත්තේ තමන් සිප්සතර ඉගෙනගත් කොතලාවල විද්‍යාලයේ ආශීර්වාදය තමන්ට හැමදාම තිබෙන බවයි. එහිදී  සභාපති  අචල නිමන්ත අසංක නවරත්නට තව තවත් පවසා ඇත්තේ අසංක අයියේ ඔයා කොතලාවල බ්‍රෑන්ඩ් එකක් ඔයාට ඒකම දිගටම මාර්කට් කරන්න පුළුවන් බව යැයි ආරංචි මාර්ග තවදුරටත් තහවුරු කරයි. 

පසුගියදා කුරුණෑගල  පොදු වෙළඳපොළ පිටුපස කාපට් අතුරා මාර්ගය සංවර්ධනය කිරීමක් අරඹා ඇත. එහිදී හදිසියේම හිටපු පළාත් සභා මන්ත්‍රී පියුමාල් හේරත් මහතා කාපට් ඇතිරීම මරිසියක් බව සඳහන් කරමින් තම මුහුණුපොතේ සටහනක් තැබූ බව දැනගන්නට ලැබී තිබේ. එයට පිළිතුරු සැපයීමට කුරුනෑගල වන්දනීය නගරාධිපතිතුමන් සැරසෙන මොහොතේදී ඔහුට ඔහුගේ ජංගම දුරකථනයෙන් සිංහල ටයිප් කිරීමේ අපහසුතාවයක් පැනගැනී ඇතැයි දැනගන්නට ලැබී ඇත. එහිදී නගරාදිපති තම දුරකථනයට අතින් ගසා වැඩක් කරන්න ගියොත් මේ රෙද්දවල් ඔහොම්මයි යනුවෙන් පවසා ඇතැයි ආරංචි මාර්ග තවදුරටත් පවසයි. එසේම අරුණි මහේෂිකා මන්ත්‍රිතුමිය උපයෝගී කරගෙන කුරුණෑගල තැපැල් කන්තෝරුවේ අත යට වැඩක් කරගැනීමට යාමේදී එම නිලධාරියා විසින් පවසා ඇත්තේ සිඟිතිට වෙච්ච දේ ඔයාටත් වෙයි යනුවෙන් බව ආරංචි මාර්ග පවසයි. 


එස් . බී නාවින්න මහතාට හදිසියේම දුරකථන ඇමතුමක් ලැබී ඇත. ඒ ඇමතුම ලැබුණු වහාම අනෙක් පැත්තේ සිටි පුද්ගලයා පවසා ඇත්තේ හලෝ ඇමතිතුමා ඔබතුමා එල්. ටී .ටී ඊ එකට ගියත් අපි ඔබ සමගයි යනුවෙන් බව දැනගන්නට ලැබී තිබේ.  එහිදී නාවින්න මහතා තමුසෙට පිස්සුද ඕයි මාව එහෙ යවන්නේ යනුවෙන් පවසා ඇතැයිද දැනගන්නට ලැබී තිබේ.  මේ ප්‍රවෘත්තිය වයඹ පළාත් සභාවේ හිටපු රියෙදුරු කෙනෙක් උකුස්සාට පවසා ඇතැයි දැනගන්නට ලැබී තිබේ. මේ අතර හිටපු ඇමති ජයරත්න හේරත් මහතාගේ නිවසේ මැතිවරණයට සූදානම් වීම විශාල අන්දමින් සිද්ධවෙන බව වාර්තා වේ. විවිධ දේශපාලන කකුල් ජයරත්න හේරත්  මහතාගේ මැතිවරණය වෙනුවෙන් වඳුරාගල ගොඩබැස ඇතිබවත් කාටවත් හිතාගත නොහැකි මැතිවරණ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඔහු සැරසෙන බවත් වැඩිදුර ආරංචි මාර්ග පවසයි. ගමින් ගමට ඇවිදිමින් ඡන්ද ව්‍යාපාරයේ නිරත වෙන ජයරත්න හේරත් කණ්ඩායම අළුත් විදියේ උපක්‍රම භාවිතා කරන බවද දැනගන්නට ලැබී තිබේ.

මේ අතර ඉතා වටිනාම සිද්ධිය වන්නේ කුරුණෑගල නීතීඥ සංගමයේ නීතීඥ වරුන් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් තම මතවාද ප්‍රකාශයට පත්කිරීමයි. එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් මතවාද ප්‍රකාශ කරන ප්‍රබල නීතීඥවරයෙකුගේ ළඟ සිටින නීතීඥවරයෙක් තමන්ගේ සංගමයේ නීතීඥවරයෙක් අලලා ප්‍රකාශ නිකුත් කරන බව උකුස්සාට වැඩිදුරටත් ආරංචි මාර්ග පවසා ඇත. තවද කුරුණෑගල නීතීඥ සංගමයේ අතුරුලියේ සමන් නමැති නීතීඥවරයා නව යෝජනා මාලාවක් සමග එළඹෙන පළාත් සභා මැතිවරණයට තරඟ වැදීමට සූදානම් බව දැනගන්නට ලැබී ඇත. කෙසේ හෝ කුරුණෑගල නගරයේ දේශපාලන රසබර සිද්ධීන් උකුස්සාට ඉදිරියටත් ජනගත කිරීමට අවස්ථාව උදාවන්නේ ඉදිරි මැතිවරණයේදී ලංකාවේ දේශපාලන තීන්දුව කුරුණෑගලින් තනන නිසාය.

වයඹ ආණ්ඩුකාර කාර්යාලයේ කිසියම් පිරිසක් විසින් මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කරන ලැයිස්තුව සාදාගෙන රහසිගතව ජනගත කිරීමක් සිදුකරන බව දැනගන්නට ලැබී තිබේ . එම ලැයිස්තුව පරිදි අගමැතිතුමා , ජොන්ස්ටන් , දයාසිරි , අනුර යාපා , ටී. බී, ඒකනායක , යූ. කේ සුමිත්, ඩී. බී හේරත්, චරිත හේරත් , මුසම්මිල්  ,  ජයරත්න හේරත් , අසංක නවරත්න, නිල්වලා විජේසිංහ , රත්නසේකර  යන ආකාරයෙන් සාදා ඇතැයි වැඩිදුර ආරංචි මාර්ග පවසයි. නාමයෝජනා දෙන්නත් කලින් මෙවැනි ලැයිස්තු හදමින් ජනතාව මුලාකරන කුමන්ත්‍රණ නිර්මාණය කරන දේශපාලන කුහකයන් දැඩි ලෙස හෙලා දකින බව සාලින්ද දිසානායක මහතාගේ බිරිඳ මංජුලා දිසානායක පසුගියදා විහාරස්ථානයක පැවති ජනහමුවකදී පවසා ඇතැයි දැනගන්නට ලැබී තිබේ.

No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot