පොත්තුවිල්ලුවට යන පාරට ඇයි මෙහෙම වුණේ..
නාගවිල්ලුව වෘත්තිය පුහුණු අධිකාරියට යාබදව
පොත්තුවිල්ලුව ප්‍රදේශය දක්වා දිවෙන කොන්ක්‍රීට්
මාර්ගය දැඩි ලෙස අබලන්වීම හේතුවෙන් ගමනා
ගමන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාලවී ඇති බව
කියයි.
මෙම මාර්ගය කොන්ක්‍රීට් අතුරා ඉදිකර තිබුණද?
පසු ගිය සමයේ ඇද හැලුන ධාරාණිපාත අධික
වර්ෂාපතනය හේතුවෙන් ඇතිවූ ගංවතුර ආපදා
තත්ත්වයත් සමග මාර්ගයට යාබදව පිහිටා තිබූ
ඇළ මාර්ගය ජලයෙන් පිරී ඉතිරී යාමත් සමග
මාර්ගයද මෙලෙස කැඩී බිදී ගොස් ඇති බව කියයි.
කඩිනමින් මෙම මාර්ගයේ අලුත් වැඩියා කටයුතු
සිදුකර දෙන ලෙස මහ ජනතාව බළධාරින්ගෙන්
ඉල්ලා සිටින්නේ මෙම මාර්ගය වෙනුවට දුර විකල්ප
මාර්ග භාවිතා කිරීමට සිදුව තිබීම නිසාවෙනි.
No comments:
Post a Comment