පැරදිනම් යන්න - වෙන අය ගැන බලන්න එපා - මැකෝ සැරවෙයි.
දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් මඟින් නාමයෝජනා බාරදී වෙනත් පක්ෂයකට හෝ අපේක්ෂකයෙකුට සහය ලබාදීමේ කිසිදු හැකියාවක් නොලැබෙන බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කර සිටිනවා. එබැවින් සැබෑ ලෙෂ තරඟ කිරීමේ අපේක්ෂාවකින් තොරව වෙනත් පක්ෂයකට හෝ අපේක්ෂකයෙකුට සහයදීමේ අපේක්ෂාවෙන් මැතිවරණයට ඉදිරිපත්වීමට සූදානම්ව සිටින්නේනම් එම පක්ෂ හා ස්වාධින කණ්ඩායම්වල අපේක්ෂා ඉටුනොවන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවා.
කරුණු කිහිපයක් යටතේ ඉදිරිපත් කර ඇති එම නිවේදනයේ දැක්වෙන්නේ කිසියම් පක්ෂයකින් ඉදිරිපත්වන කණ්ඩායමක් විසින් පවත්වාගෙන යන දේශපාලන කාර්යාල තුළ වෙනත් පක්ෂයක් වෙනුවෙන් හෝ වෙනත් පක්ෂයක අපේක්ෂකයින් වෙනුවෙන් ප්රචාරක කටයුතු සිදුකිරීමට ඉඩ නොලැබෙන බවයි. එමෙන්ම යම් පක්ෂයකින් හෝ ස්වාධීන කණ්ඩායමකින් ඉදිරිපත්වන අපේක්ෂකයින්ට වෙනත් පක්ෂයක් හෝ අපේක්ෂකයෙකු වෙනුවෙන් ඡන්දපොල නියෝජිතයින් ලෙස කටයුතු කිරීමටද ඉඩ නොලැබෙන බවයි.
එමෙන්ම වෙනත් පක්ෂයක් හෝ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීම සඳහා තවත් පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමකට අවස්ථාව හිමි නොවන බවද එම නිවේදනයේ දැක්වුණා. වැදගත්ම කාරණයක් වන්නේ ඡන්ද සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මන්ත්‍රිධූර හිමිනොවන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල නියෝජිතයින් ඡන්ද ගණන් කිරීමේ ශෘලාවෙන් පිටවිය යුතු බවටද නියමයන් පනවා තිබීමයි. වෙනත් පක්ෂවල මනාප හා ඡන්ද ගණක් කිරීම පිළිබඳ නිරීක්ෂණය කිරීමට ඔවුන්ට ඉඩ ලබානොදෙන බවයි මහින්ද දේශප්‍රිය මහතා එමඟින් දැනුම් දී තිබෙන්නේ.
No comments:
Post a Comment