මුස්ලිම් තරුණයින් අන්තවාදයට යොමු කිරීමේ කුමන්ත්‍රණයක්.
මුස්ලිම් තරුණයින් අන්තවාදයට යොමු කිරීමේ කුඨ වැඩපිළිවෙලක් රට තුල ක්‍රියාත්මක වන බව පොලිසිය පවසනවා. අප්‍රේල් 21 වනදා සිදු වූ ප්‍රහාරය පිලිබඳ පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායමට මේ බව අනාවරණ වූ බවත් එම තරුණයින් සොයා ඔවුන් පුනුරුත්තාපනය කිරීමට පොලිසිය කටයුතු කරන බවත් ජේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළා. පොලිස් මුලස්ථානයේ කැඳවා තිබු මාධ්‍ය හමුවකට එක් වෙමින් ජේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා මෙම අදහස් පල කළා.
වීසා නොමැතිව මෙරට රැදී සිටින විදේශිකයින් සම්බන්ධයෙන්ද පොලිසියේ අවධානය යොමුව ඇති බවයි ජේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කලේ.
පසුගියදා මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් එල්ල කල චෝදනාවක් සම්බන්ධයෙන්ද මාධ්‍යවේදියෙක් මෙහිදී අජිත් රෝහණ මහතාගෙන් ප්‍රශ්න කර සිටියා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පැවසුවේ පාකිස්තානු ජාතිකයින් දෙදෙනෙකු මෙරටට පැමිණ පාසල් දෙකක් වීඩියෝ ගත කර ඇති බවයි.
No comments:
Post a Comment