සජිත් රවී එක් වෙයි - හංසයාගෙන් මහමැතිවරණයට.
හංසයා ලකුණ විපක්ෂ නායකවරයාගේ සන්ධානයට ලබාදීමට නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ නියෝජිතයින් එකඟතාව පලකර තිබෙනවා. ඒ සජිත් ප්‍රේමදාස මහතා හා රවී කරුණායක මහතා අතර පැවැති සාකච්ඡාවකදීයී. රවී කරුණානායක මන්ත්‍රිවරයාගේ නිවසේදී පැවැති මෙම සාකච්ඡාවට රංජිත් මද්දුමබණ්ඩාර, මෙන්ම නව ප්රජාතන්ත්රවාදී පෙමුණේ ලේකම් ෂර්මිලා පෙරේරා යන අයද සහභාගී වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ සමගි ජනබලවේග සන්ධානය සඳහා හංසයා ලකුණ ලබාදීම සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් නොමැති බව එම නියෝජිතයින් සඳහන් කර ඇති බවටද තොරතුරු වාර්තා වුණා.
No comments:
Post a Comment