උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 13 February 2020

මොරගහකන්ද හා කළුගඟ ජනතාව අසරණයි.

මොරගහකන්ද හා කළුගඟ ජනතාව අසරණයි.

මොරගහකන්ද සහ කළු ගඟ ජලාශ ඉදිකිරීම සඳහා ඉඩම්
ලබාදී අවතැන්ව වෙනත් ප්‍රදේශවල පදිංචි වූ ජනතාවට වසර
අටක කාලයක් ගතවී ඇතත් ගො
විතැන් බත් කිරීම සඳහා සහ අනෙකුත් ජල අවශ්‍යතාවයන්
සපුරා නැතැයි පවසමින් ජනතාව නව අමාත්‍යවරයාට භාරදෙන
ලෙස සන්දේශයක් 13 දින පෙරවරුවේ මොරගහකන්ද ජලාශ
භාර ඉංජිනේරු කාර්යාලයට ගොස් භාර දීමට කටයුතු කළහ.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක
නාමල් කරුණාරත්න මහතා ප්‍රමුඛ මොරගහකන්ද ජන අයිතීන්
සුරැකීමේ සංවිධානය ජනතාව සමග එක්ව මොරගහකන්ද
කළුගඟ ජලාශ භාර ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩී .බී .විජේරත්න
මහතා වෙත අසාධාරණයට පත් වූ පිරිස විශාල පිරිසක්
සන්දේශය ද ඇරගෙන ව්‍යාපෘති ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා සිටින
ස්ථානයට පැමිණියහ.
මෙම පිරිස කියා සිටියේ පසුගිය රාජ්‍ය අමාත්‍යවරයා සමඟ
සාකච්ඡා කොට ගෙවී ගිය ජනවාරි මාසයේ වන විට ජනතාවට
ගොවිතැන්බත් කිරීම සඳහා ජලය ලබාදීමට පොරොන්දු වුවද
ජලය ලබාදීමට නොහැකි වුවහොත් මෝටර් වලින් ගොවි
තැන්වලට මෝටර් මගින් ජලය ලබාගැනීමට
අවශ්‍ය ඉන්ධන සහනාධාර ලබාදීමට කැමැත්ත පළ කළ බව
මෙම පිරිස‍යාපෘති කළමණාකාර වරයාට දැනුම් දුන්නේය.
මේවනවිටත් එම කටයුත්ත ඉටු වී නොමැති බවද ඔවුහු ලිපිය
මගින් පෙන්වා දුන්හ.
මෙහිදී සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික
සංවිධායක නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ හිටපු
අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා සමග සහ වර්තමාන
අමාත්‍යවරයා සමග ද අවස්ථා කිහිපයක සාකච්ඡා කළ බවත්
මොරගහකන්ද සහ කළු ගඟ ජලාශ වලට මෙම ඉඩම් ලබාදී

මේ වන විට ජලය බින්දුවක් නොමැතිව අසරණව සිටින
ජනතාවට කඩිනමින් සහන සැලැස්වීම සිදුකළ යුතු බවය.
ඒ සඳහා සූදානම් කොට ඇති නව සංදේශය විෂයභාර අමාත්‍ය
චමල් රාජපක්ෂ මහතාට ලබාදෙන ලෙස ද හෙතෙම ව්‍යාපෘති
කළමනාකරු ඩී.බි . විජේරත්න මහතා ගෙන් ඉල්ලීමක් කළේය.
ර්‍මෙහිදී මොරගහකන්ද කළුගඟ ජලාශ වලට ඉඩම් අහිමි
වූවන්ගේ සංගමය නියෝජනය කරමින් ප්‍රදේශවාසීන් කියා
සිටියේ වසර අටක පමණ කාලයක් ජනාදිපතිවරුන් තිදෙනෙකුට
තම දුක කිව්වද මෙතෙක් කිසිදු සාධාරණයක් ඉටු වී නැති
බවය.
තවදුරටත් මේ ආකාරයෙන් කටයුතු කිරීමට නොහැකි බවත්
ඉදිරියේදී ජනතාව විරෝධතා රැල්ලක් ඇති කිරීමට ඉඩ තිබෙන
බවද ඔහු කියා සිටියහ.
කෙසේ වෙතත් එම ස්ථානයට පැමිණ සිටි බොහෝ ජනතාව දැඩි
කනස්සල්ලෙන් යුතුව ප්‍රකාශ කර සිටියේ මොරගහකන්ද සහ
කළු ගඟ ජලාශ සඳහා තම ගම්බිම් දේපළ ඉඩකඩම්
සම්පූර්ණයෙන්ම භාරදී මෙවනවිට වන්දි මුදල් ලබාගෙන වුවද
ආහාරපාන ජලය නොමැතිව අවතැන් ජනතාවක් ලෙසට පත්ව
සිටින බවය .ඇතැම් බොහෝ දෙනාට වන්දි මුදල් පවා නොලැබී
ඇතැයි ඔවුහු චෝදනා කරන්නට වූහ.
මෙහිදී කළු ගඟ මොරගහකන්ද සහ කළු ගඟ ජලාශ ව්‍යාපෘති
අධ්‍යක්ෂ විජයරත්න මහතා කියා සිටියේ මුදල් ප්‍රතිපාදන මහා
භාණ්ඩාගාරයෙන් නොලැබීම නිසා සංවර්ධන කටයුතු සියල්ල
ඇනහිට තිබෙන බවය .
කෙසේ වෙතත් කලුගඟ ජලාශය හරහා ඉදිවෙන වම් ඉවුර
වේල්ල ලබන අප්‍රේල් මාසය වන විට වැඩ අවසන් කොට
ජනතාවට ජලය දීමට පියවර ගන්නා බවයි.
මහා භාණ්ඩාගාරයට මුදල් නොලැබීම නිසා ව්‍යාපෘතියේ වැඩ
කටයුතු රැසක් අතරමඟ නවතා දමා ඇති කොන්ත්‍රාත්
කරුවන්ට මුදල් ගෙවීමට නොහැකි තත්වයක් පසුවන බවද
හෙතෙම පෙන්වා දුන්නේය .
ජලාශය ඉදිකිරීම් තත්ත්වයන් පිළිබඳව තමාගේ මට්ටමින්
අවශ්‍ය සියලු නිලධාරීන් දැනුවත් කොට ඇති බවද හෙතෙම ලිපි

පෙන්වා දෙමින් ජනතාවට සහ නියෝජිතයින්ට දැනුම් දීම
විශේෂත්වයක් විය.
ජනතාව විසින් භාර දුන් මෙම ලිපිය කඩිනමින් විෂයභාර
අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අතට ම පත් කිරීමට අවශ්‍ය
පියවර තමන් ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.









No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot