කිළිනොච්චිය රෝහලේ සේවය කළ සේවිකාවක බලහත්කාරයෙන්
කණ්ඩායමක් රැගෙන යමින් සිටියදී ඊයේ(25) වවුනියාව ඕමන්ත යුධ හමුදා මාර්ග බාධකයේදී අදාළ කණ්ඩායම අත්අඩංගුවට ගත් බව ඕමන්ත පොලිසිය
පවසයි.
පොලිසිය පැවසූවේ කිලිනොච්චිය රෝහලේ රසායනාගාර තාක්ෂණ
නිළධාරිනියක් ලෙස සේවය කළ 27 හැවිරිදි මුස්ලිම් කාන්තාවක් එලෙස කණ්ඩායමක්
බලහත්කාරයෙන් රැගෙනයමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ලද තොරතුරක් මත අදාළ කණ්ඩායම අත්අඩංගුවට ගෙන තිබු අතර
අදාළ තරුණිය අම්පාර ප්රදේශයේ
පදිංචිකාරියක් වන බවද පොලිසිය පැවසීය.
පැහැරගැනීම ලක්වු තරුණිය දමිළ තරුණයෙකු සමඟ කිසියම්
සම්බන්ධතාවක් පවත්වා ඇති අතර,ඊට විරුද්ධ වු පවුලේ සාමාජිකයින් විසින් තරුණිය
බලහත්කාරයෙන් වෑන් රථයක නංවාගෙන රැගෙනයමින් සිටියදී අත්අඩංගුවට ගැනීම සිදුකොට ඇති
බව වවුනියාව ආරක්ෂක අංශ පැවසීය.
අදාළ තරුණිය දමිළ තරුණයෙකු සමඟ මීට මාස හයකට පමණ කාලයකට
පෙර පැමිණ ඇති අතර,ඊට විරුද්ධවු පවුලේ ඥාතීන් පිරිසක් විසින් තරුණිය බලහත්කාරයෙන්
රැගෙනයමින් සිටි බවට තොරතුරු අනාවරණය වි ඇති බවද පොලිසිය පැවසීය.
සිද්ධියට අදාළ වැඩිදුර පරීක්ෂණ ඕමන්ත පොලිසිය සිදුකරයි.
No comments:
Post a Comment