උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා එළැඹෙන පාර්ලිමේන්තු
මැතිවරණයට යාපනය දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට නියමිත බව ඉලංගෙයි තමිල් අරසු කච්චි
පක්ෂය පවසයි.
යාපනය මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරමින් සුරේන් රාඝවන් මහතා ඉලංගෙයි තමිල්
අරසු කච්චි පක්ෂයෙන් මැතිවරණය වෙනුවෙන් තරඟ කිරීමට නියමිත බවද ඉලංගෙයි තමිල් අරසු
කච්චි පක්ෂ නියෝජිතයින් පැවසූහ.
මැතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් සුරේන් රාඝවන් මහතා හා ඉලංගෙයි තමිල්
අරසු කච්චි පක්ෂ නායකයින් අතර සාකච්ජාවක්ද පසුගියදා පැවැත්වු බවද පක්ෂ නියෝජිතයින්
පැවසූහ.
සුරේන් රාඝවන් මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උතුරු
පළාත් ආණ්ඩුකාර ලෙස එවක පත්කළ අතර,හෙතෙම වසර තුනක පමණ කාලයක් උතුරු පළාත්
ආණ්ඩුකාර ලෙස කටයුතු කරනු ලැබීය.
යහපාලන පාලන සමය අවධියේ රාඝවන් මහතා දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් සමඟ ඉතා
සමීපව කටයුතු කළ අතර,යහපාලන සමයේ උතුරු පළාතේ සංවර්ධන කටයුතු ඇතුළු අනෙකුත් කටයුතු
රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිණ.
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය ජ්‍යේෂ්ඨ නායකයින් හා සුරේන් රාඝවන් මහතා
අතර සාකච්ජාවේදී මැතිවරණය වෙනුවෙන් රාඝවන් මහතාට අවස්ථාවක් ලබාදීමට එකඟ වි ඇති බවද
පක්ෂ නියෝජිතයින් පැවසූහ.
No comments:
Post a Comment