උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday 12 February 2020

මන්නාරම සමූහ මිනිවළෙන් ලබාගත් අස්ථි කොටස් පැවති කාමරයේ දොර කැඩීම සම්බන්ධයෙන් පරීක්ෂණයක්.

මන්නාරම සමූහ මිනිවළෙන් ලබාගත් අස්ථි කොටස් පැවති
කාමරයේ දොර කැඩීම සම්බන්ධයෙන් පරීක්ෂණය

මන්නාරම,පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයේ කැනීම් තුළින් ලබාගත් අස්ථි
කොටස් තැන්පත් කොට තිබු කාමරයේ දොරගුළු කැඩීම හා ජනේලයක් විවෘත කොට
තැබීම් සම්බන්ධයෙන් අද(11) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේදී කරුණු අවධාරණය
කෙරිණ.
මන්නාරම පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් අස්ථි කොටස් හමුවීම
සම්බන්ධයෙන් වන නඩු විභාගය අද(11) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේදී කැදවු
අවස්ථාවේදී නඩුවේ අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් ඒ
සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත්වරයාගේ අවධානය යොමු කරනු ලැබීය.
අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පැවසූවේ සමූහ මිනිවළ තුළින්
ලබාගත් අස්ථි තැන්පත් කොට තිබු කාමරයේ දොරගුළු කැඩීම සම්බන්ධයෙන් සැකයක්
පවතින බවයි.
ඒ සම්බන්ධයෙන් මන්නාරම ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි පොලිස් නිළධාරීන්ගෙන් කරුණු
විමසිය යුතු බවද අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූහ.
නඩු විභාගය අතරතුර සමූහ මිනිවළ කැනීම් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්
හා අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පෙනී සිටි නීතිඥයින් අතර උණුසුම් වචන හුවමාරුවක්ද
සිදුවු අතර, එහිදි අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් මන්නාරම අධිකරණයේ
නීතිඥයින් පිරිසක් එක්ව අධිකරණ කටයුතුවලින් ඉවත්විණ.

අනතුරුව නැවත මහේස්ත්‍රාත්වරයාගේ කැදවිම් මත නීතිඥයින් අධිකරණ කටයුතු
වෙනුවෙන් එක්වු අතර, සමූහ මිනිවළ තුළින් ලබාගත් අස්ථි කොටස් තැන්පත් කොට පැවති
කාමරයේ දොරගුළු කැඩීයාම සම්බන්ධයෙන් අධිකරණයේදී කරුණු දැක්වීමට එළැඹෙන 25
වැනිදා නඩු විභාගය කැදවන බව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මන්නාරම සමූහ මිනිවළ සම්බන්ධයෙන් 2018 මාර්තු 26 වැනිදා පළමු
වරට තොරතුරු වාර්තා වු අතර, සමූහ මිනිවළ සම්බන්ධයෙන් දින
156 ක් කැනීම් කළ අතර,සමූහ මිනිවළ තුළින් මිනිස් සිරුරු 342 ක්
මතුකර ගැණින.
එයින් මිනිස් සිරුරු 330 ක් ගොඩගත් අතර, ඒ තුළ කුඩා ළමුන් 30
දෙනෙකුගේ සිරුරද පැවතිණ.
සමූහ මිනිවළ සම්බන්ධයෙන් ඇමරිකා ෆ්ලෝරිඩා කාබන් රසායනාගාර
වාර්තා ලැබීමේන් අනතුරුව සමූහ මිනිවළ සම්බන්ධයෙන් පරීක්ෂණ
කටයුතු 2019 මාර්තු 07 වැනිදා තාවකාලිකව නවතා දමන ලෙසට
මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කෙරිණ.
දත්තසමූහ මිනිවළ තුළ අස්ථි කොටස් ක්‍රිස්තු වර්ෂ 1450 ත් 1650 ත් අතර කාලයකට
අයත්වන බව කාබන් පරීක්ෂණ වාර්තා තුළින් අනාවරණය වන බව දත්ත විශ්ලේශකයින්
පැවසූහ.
මන්නාරම අධිකරණයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි සමින්ද රාජපක්ෂ මහතා හා
කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව
මහතා ඇතුළු කණ්ඩායමක් සමූහ මිනිවළ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූහ.

මන්නාරම දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පවසන්නේ අදාළ අස්ථි කොටස් යුධ
සමයේ අතුරුදහන්වූවන්ගේ වන බවයි.
වාර්තා අධ්‍යයනයේදී පෙනී යන කරුණක් වන්නේ අදාළ සාම්පල ක්‍රිස්අතර සීමාවක
පෙන්නුම් කරන බවට අනාවරණය වන නමුත් කාලසීම නිශ්චිතව ප්‍රකාශ කිරීම ඒ තුළින්
සිදුකළ නොහැකි වන බව දත්ත විශ්ලේශකයින් පැවසූහ.]



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot