උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday, 26 February 2020

වියළි කාලගුණයෙන් ප්‍රදේශ රැසකට පීඩා - හෙට ටිකක් භයානකයි.

වියළි කාලගුණයෙන් ප්‍රදේශ රැසකට පීඩා - හෙට ටිකක් භයානකයි.

කලුතර, කෑගල්ල, රත්නපුරය සහ මහනුවර යන දිස්ත්‍රික්කවල ජනතාවට වියළි කාලගුණයෙන් දැඩි පීඩාවකට පත්ව සිටින බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එම දිස්ත්‍රික්කවල පවුල් පනස් හතරදහස් තුන්සීයකට අයත් දෙලක්‍ෂ තිස්දහසක් පමණ පීඩාවට පත්ව සිටිනවා. පීඩාවට පත් ජනතාව වෙනුවෙන් පානීය ජලය බෙදා දීමේ වැඩසටහන්ද ක්‍රියාත්මකයි.

මේ අතර කාලගුණ දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර හා වයඹ පළාත්වලට මෙන්ම මන්නාරම, ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවලත් උෂ්ණත්වය දරාගත නොහැකි මට්ටමක් දක්වා ඉහළ යාමේ අවදානමක් පවතින බවයි. එය විශේෂයෙන් අවදානය යොමු කළ යුතු කාරණයක් බවද කාලගුණ දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එමෙන්ම ඉදිරි කාලයේ සබරගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට තරමක වැසි අපේක්‍ෂා කළ හැකි බවද කාලගුන නිවේදනයේ දැක්වුණා.  


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot