දෙනුවර මැණිකේ දුම්රිය අද සිට දිනපතා ධාවනයට එක් කෙරේ.
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන දෙනුවර මැණිකේ දුම්රිය මිට
ප්‍රථම දිනක් හැර දිනක් ධාවනයට එක් කර තිබුණි.
දුම්රිය සේවා රාජ්‍යය අමාත්‍යය සි.බි රත්නායක මහතාගේ අදහසක් අනුව
(02) දින සිට දිනපතා කොළඹ කොටුවෙන් උදැසන 6.45 ට ගමන් ආරම්භ කරන
දෙනුවර මැණිකේ දුම්රිය පස්වරු 4 ට බදුල්ල දුම්රිය ස්ථානය දක්වා ළගා විමට
නියමිතය.
බදුල්ලෙන්ද දිනපතා උදැසන 6.45 ට ගමන් ආරම්භ කරන දෙනුවර මැණිකේ
දුම්රිය පස්වරු 3.30 ට කොළඹ කොටුවට ළගා විමට නියමිත බවයි දුම්රිය
පාලක මැදිරිය පැවසුවේ.
වායු සමිකරණය කරන ලද පළමු පන්තියේ මැදිරි දෙකක් , දෙවන පන්තියේ
මැදිරි දෙකක් , තුන්වන පන්තියේ මැදිරි තුනක් සහ අංග සම්පුර්ණ
භෝජනාගාරයකින් සමන්විත දෙනුවර මැණිකේ දුම්රිය එන්ජින් දෙකකින්
ධාවනය වේ.
දෙනුවර මැණිකේ දුම්රියේ පහසුකම් පිලිබදව විදේශික සංචාරකයින් සිය
ප්‍රසාදය පල කරන අතර , දෙනුවර මැණිකේ දුම්රිය (02) සිට දිනපතා
ධාවනයට එක් කිරිමත් සමග එම දුම්රියෙන් කොළඹ කොටුවේ සිට බදුල්ල
දක්වා විශාල දෙස් විදෙස් සංචාරකයින් පිරිසක් ගමන් කරනු ලැබුහ.
No comments:
Post a Comment