තිදරු පියාගේ සිරුර මස්කෙලිය ඔයෙන් මතුවෙයි.
නිවසින් පිටව ගිය තිදරු පියෙකුගේ සිරුර මස්කෙලිය ඔයේ තිබි (27) දින
සොයාගත් බව මස්කෙලිය පොලිසිය පැවසිය.
මෙසේ සොයගනු ලැබුවේ මස්කෙලිය පොලිස් වසමට අයත් මස්කෙලිය
බ්රවුන්වික් වතුයායට අයත් කුයින්සි ලැන්ඩ් කොටසේ පදිංචි වේලායුදම්
සුරියකුමාර් (41) හැවිරිදි තිදරු පියෙකුගේ සිරුරයි.
මරණකරු (27) දින උදැසන 7 ට පමණ නිවසින් පිටව ගොස් ඇති අතර ,
නිවසින් පිටව ගිය තම සැමියා ආපසු නොපැමිණි බව මරණකරුගේ ඥාතින්
වෙත දැන්විමෙන් පසු ඥාතින් විසින් අතුරුදහන්ව සිටි තිදරු පියා සොයා සිදු
කල සොදිසි මෙහෙයුමකදි සිරුර මවුස්සාකැලේ ජලාශයට ප්රධාන වශයෙන්
ජලය ගලා බසිනා මස්කෙලිය ඔයේ මොටිගම් වත්ත ප්රදේශයේදි පාවෙමින්
තිබියදි දැක එ පිලිබදව මස්කෙලිය පොලිසිය වෙත දැනුම් දි ඇත.
ජිවිතක්ෂයට පත් අයගේ පාවහන් යුවල සහ සරමක් මස්කෙලිය ඔය අසල
තිබෙන බවත්, මෙම සිද්ධිය සියදිවි හානි කර ගැනිමක්ද නැතහොත් දිය නැමට
ගොස් දියේ ගිලි සිදු වු මරණයක්ද යන්න පිලිබදව මස්කෙලිය පොලිසිය අංශ
කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වයි.
No comments:
Post a Comment