උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday 21 February 2020

ශ්‍රී ලංකාව ඩිජිටල් ලෝකය ජයගන්න පවතින ඩේටා මාෆියාවක්

ශ්‍රී ලංකාව ඩිජිටල් ලෝකය ජයගන්න පවතින ඩේටා මාෆියාවක්  

ශ්‍රී ලංකාවට ඩිජිටල් ලෝකය ජයගන්නට තිබෙනා ප්‍රධාන බාදාවක් ලෙස යම් අන්තර්ජාල සේවා සපයන සමාගම් විසින් සිදුකරගෙනු යනු ලබන ඩේටා මාෆියාව හේතුවී ඇති බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට සිදුකල අධ්‍යනයකදී හෙළිදරව් වී ඇත. බොහෝ ශ්‍රී ලාංකික අන්තර්ජාල පරිශීලකයින් ප්‍රමාණයක් මේ පිලිබදව මැසිවිලි නැගුවත් ඒ සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකිරීමට එම අන්තර්ජාල සේවා සපයන ආයතන මෙන්ම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවද කටයුතු කරන බවක් දැකගත හැකිය. විශේෂයෙන්ම යම් අන්තර්ජාල සේවා සපයන සමාගම් තම පාරිභෝගිකයන්ට ලබාදීමට ගිවිසුමකින් බැදීසිටින අන්තර්ජාල වේගයෙන් හරි අඩකට වැඩි (50% ත් 70%) අතර අන්තර්ජාල වේග ප්‍රමාණයක් වත් ලබාදීමට අපොහොසත්වී ඇත. යම් අන්තර්ජාල සේවා සපයන සමාගම් රාත්‍රී 12න් පසුව ලබාදෙන දත්ත (Night Time Data) සදහා දෙනු ලබන අන්තර්ජාල වේගය මන්දගාමී සිදුකිරීමක් සිදුකරන බවක්ද අනාවරණය වී ඇත. මේ සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලා අන්තර්ජාල පාරිභෝගිකයන්ගේ සුභසිද්ධිය මෙන්ම ශ්‍රී ලංකාවේ ඉදිරි ඩිජිටල් අනාගතයේ සුරක්ෂිතතාවය රැකගැනීමට පලදායි ලෙස අන්තර්ජාල සේවා සපයන සමාගම් නියාමනය කර කටයුතු කරන ලෙස අදාළ බලධාරීන්ට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස දැනුම් දෙමු.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot