උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday 14 February 2020

ෂැංග්රිලා හෝටලයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ සැකකරුගේ පියා ඇතුළු හය දෙනකු රිමාන්ඩ්

ෂැංග්රිලා හෝටලයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ සැකකරුගේ පියා ඇතුළු හය දෙනකු රිමාන්ඩ්



පාස්කු ඉරුදින ෂැංග්රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඉල්හාම් අහමඩ් නමැත්තාගේ පියා ඇතුළු සැකකරුවන් හය දෙනකු ලබන 28 වන දා තෙක් යලි රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද අදාළ බෝම්බකරුගේ පියා වන මොහොමඩ් හයාතු මොහොමඩ් ඊබ්‍රහිම් ඇතුළු සැකකරුවන් හය දෙනෙකු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය හමුවට ඉදිරිපත් කළා.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදු කරමින් පවතින බවත් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස මෙහිදී පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත්ළ ොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් සැකරුවන් ලබන 28 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කලා.

පාස්කු ඉරුදින ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ, මහවිල උද්‍යානයේ පදිංචි ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන මොහොමඩ් හයාතු මොහොමඩ් ඊබ්‍රහිම් ඇතුළු මෙම සැකකරුවන් හය දෙනෙකු ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot