උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday 19 February 2020

ජනපති ලේකම් නම කියා බලපෑම් කරන පිරිසක් ගැන තොරතුරු ...

ජනපති ලේකම් නම කියා බලපෑම් කරන පිරිසක්
ගැන තොරතුරු ...

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාගේ සහ රජයේ
සමහර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නම සඳහන් කරමින් ණය ඇතුළු
වෙනත් පහසුකම් ලබා ගැනීම සඳහා නිලධාරිනට බලපෑම් කරන
පිරිසක් ගැන තොරතුරු ලැබී තිබේ.
ලේකම්වරයාට මේ තොරතුරු හෙළි කර ඇත්තේ රාජ්‍ය බැංකුවක
සභාපතිවරයෙකු විසිනි.
තමා රජයේ සේවයේ නිරතව සිටී මුළු කාලය තුළම පෞද්ගලික උදව්
ලබාගනු පිණිස කවර හෝ බැංකුවකට හෝ රාජ්‍ය ආයතනයකට හෝ
කිසිදු බලපෑමක් කර නැති බවත්, වෙනත් තැනැත්තෙකුට එසේ සහය
වී නැති බවත් ආචාර්ය ජයසුන්දර කියා සිටී.
තමා දැනට දරණ ධූරයෙහි සේවය කිරීමේ දී ද එකී පිළිවෙතින් බැහැර
නොවන බව ලේකම්වරයා සඳහන් කරයි.
මෙසේ අයුතු වාසි ලැබීමට උත්සාහ කරන පුද්ගලයන්ගේ බලපෑමට හසු
නොවන ලෙස රාජ්‍ය බැංකුවලින් හා වෙනත් රාජ්‍ය ආයතනවලින් ඉල්ලා
සිටින ආචාර්ය ජයසුන්දර එබඳු බලපෑම්, ඉල්ලීම් ඉටුකිරීමේ දී
නොසුදුසුකමක් සේ සලකන ලෙස ද දැනුම් දෙයි.
මෙබදු අවස්ථා පොලීසියට දැනුම් දෙන්නැයි ද ලේකම්වරයා කියා සිටී.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot