පොලිස් කොස්තාපල් ඝාතනයේ රහස් රැසක් හෙළි වෙයි.
සුද්දා ලෙස හදුනාගෙන ඇති සැකකරුගෙන් සිදුකළ ප්රශ්න කිරීම්වලදී කිරිබත්ගොඩ පොලිසියට අනියුක්තව රාජකාරී සිදුකළ පොලිස් කොස්තාපල්වරයාගේ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා. අදාල 23 හැවිරිදි සැකකරු පොලිසිය හමුවේ පවසා ඇත්තේ අදාල පොලිස් කොස්තාපල්වරයා ඝාතනය කළ ස්ථානයට තම ලොකු අම්මාද පැමිණි බවයි. ඝාතනය වූ පොලිස් කොස්තාපල්වරයාගේ අනියම් බිරිඳ වන්නේද ඇයයි.
මේ අතර අදාල කාන්තාවගෙන්ද පොලිසිය ඊයේ දිනයේ ප්රකාශයක් සටහන් කර ගෙන ඇති අතර, ඇය මෙම සිද්ධියට සම්බන්ධදැයි නිශ්චිතව අනාවරණ කර ගැනීමට පරීක්ෂණ ක්රියාත්මකයි.
දින 05 සිට අතුරුදන්ව සිටි මෙම පොලිස් නිලධාරියාගේ මලසිරුර ඊයේ පෙරවරුවේ පන්නල ප්රදේශයේ ලදු කැලෑවක තිබියදී සොයා ගැණුනා. මෙලෙස ඝාතනය කර ඇත්තේ වීරකැටිය ප්රදේශයේ පදිංචි එක්දරු පියෙකු වන පොලිස් කොස්තාපල්වරයෙක්.
No comments:
Post a Comment