උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Tuesday 18 February 2020

පසුගිය වසර 500ක විදේශ ආක්‍රමණයන් තුල අපට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ ලෙඩ රෝග මැද.




මහවත්ත සරණ අනෝණ්‍යාධාර සමිතියේ ඉල්ලීමකට අනුව කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ යෝජනාවකට අනුව පුරනැගුම ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද මහවත්ත නව බහුකාර්ය ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම (17) පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත්.යු.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

 මෘතෘ සායන මධ්‍යස්ථානයකින් සහ මහජන පුස්තකාලයකින් සමන්විත මෙම දෙමහල් ගොඩනැගිල්ල සදහා වියදම ලක්ෂ 365 ක් වු අතර ඒ සදහා  ආසියානු සංවර්ධන බැංකු අරමුදලින් දායකත්වය ලබාදී ඇත.

පසුගිය වසර 500ක විදේශ ආක්‍රමණයන් තුල අපට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ ලෙඩ රෝග මැද. විශේෂයෙන්ම මධ්‍යම පළාත තුල වෛද්‍යවරුන්ගේ සහ කාර්ය මණ්ඩලය වල විශාල හිගයක් පවතිනවා. ‍ ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ත ප්‍රකාශය තුල වැඩි අවධානයක් සෞඛ්‍ය කෂේත්‍රය සම්බන්ධයෙන් යොමු කර ඇත්තේ මේ හේතුවෙන්. කායික සෞඛ්‍ය මෙන්ම මානසික සෞඛ්‍යයද නිරෝගි ජීවිතයකට ඉතාම වැදගත් වනවා. මෘතෘ සායන මධ්‍යස්ථානයක් හා මහජන පුස්තකාලයක එකම ගොඩනැගිල්ලක නිර්මාණය මගින් මෙම ගොඩනැගින්න වඩා ඵලදායි ලෙස භාවිතයට ගැනීමට මහවත්ත ජනතාවට අවස්ථාව සැලසෙනවා.

මෙම අවස්ථාවට කුණ්ඩසා‍ලේ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති රංජර අක්මීමන , හිටපු පළාත් සභා මන්ත්‍රී එස්.බී.රත්නායක, පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් ඇතුලු මහත්ම මහත්මන් රැසක් ද එක් ව සිටියේය. 





No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot