කොරෝනා මරණ 2360 යි.
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 2,359 දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර දකුණු කොරියාවේ ශ්‍රී ලාංකිකයන් බහුලව වාසය කරන තේගු නගරය ඇතුළු නගර දෙකක් වෛරසය සම්බන්ධ අවදානම් කලාප ලෙස නම් කිරීමට එරට රජය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ගණන අද වන විට 77,000 ඉක්මවා ඇත.
මරණ සංඛ්‍යාව 2359ක් දක්වා ඉහළ ගොස් ඇති අතර චීනයෙන් පිටතින් වාර්තා වන මරණ ගණන 11ක්.
ගතවූ පැය 24 තුළ චීනයෙන් වාර්තා වූ නව මරණ ගණන 109ක්.
සුවය ලැබූ ගණන 20,000 ඉක්මවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
No comments:
Post a Comment