බලවත් ආර්ථික අර්බුදයක් වෙත රට ගමන් කරමින් තිබෙන බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ 2019 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මේ වන විට රුපියල් බිලියන 14 න් රාජ්‍ය ආදායම අඩුවී ඇති බවයි.
එමෙන්ම එම්සීසී සම්බන්ධයෙන් බොරු භීතියක් මවා පාමින් දේශපාලන බලය ලබාගත් වර්තමාන රජය, එම ගිවිසුමේ අකුරු කිහිපයක් වෙනස් කර එම්සීසී ගිවිසුමට අත්සන් තැබීමට සූදානම් වන බවද මංගල සමරවීර මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මාතර පැවැති ජනහමුවක් අමතමින්.
No comments:
Post a Comment