උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Saturday, 25 January 2020

කොරෝනා බවට සැක දෙන්නෙක් ලංකාවේ - අවදානම සමනය කිරීමට දැඩි රැකවල්.

කොරෝනා බවට සැක දෙන්නෙක් ලංකාවේ - අවදානම සමනය කිරීමට දැඩි රැකවල්.

කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැක කරන කාන්තාවන් දෙදෙනෙක් කොළඹ අයි ඞී එච්
 උන රෝහලට ඇතුලත් කර තිබෙනවා. ඔවුන්ට එම රෝගය වැලදී ඇත්ද යන්න අනාවරණ කර ගැනීම
 සඳහා පරීක්‍ෂණ කි‍්‍රයාක්මකයි. අයි ඞී එච් රෝහලේ ප‍්‍රකාශකයෙකු කියා සිටියේ  චීනයේ වූහාන් පළාතේ 
වෛද්‍ය විද්‍යාලයක අධ්‍යාපනය ලබා මෙරටට පැමිණි ශ‍්‍රී ලාංකික තරුණියක් සහ මෙරට සංචාරයක් සඳහා
 පැමිණි චීන ජාතික කාන්තාවක් මෙලෙස රෝහල්ගත කර ඇති බවයි. ඔවුන් පරික්ෂා කිරීම සඳහා ඔවුන්ගේ
 සෙම සාම්පල සහ රුධිර සාම්පල කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කර ඇති බවද එම 
ප‍්‍රකාශකයා සඳහන් කළා.


මේ අතර කොරෝනා වෛරසයට මුහුණ දීම සඳහා අයි.ඞී.එච්. රෝහල ඇතුළු රෝහල් කිහිපයක 
පහසුකම් වැඩිකර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ මේ දක්වා ශ‍්‍රී ලංකාවෙන් 
කොරෝනා වෛරසය අසාධිත වූ පුද්ගලයෙකු වාර්තාවී නොමැති බවයි.



චීනයේ සංචාරය කිරීමේදී සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන්න ලෙසද සෞඛ්‍ය අමාත්‍යාංශය
 ශ‍්‍රී ලාංකිකයයින්ට උපදෙස් ලබාදෙනවා. කොරෝනා වෛරසය සීඝ‍්‍රයෙන් පැතිර යන චීනයේ වූහාන් නගරයේ 
උසස් අධ්‍යාපනය ලබන සහ රැුකියා කරන කිසිදු ශ‍්‍රී ලාංකිකයෙකුට කොරෝනා වෛරසය අසාදනය වී 
නොමැති බව මේ දක්වා සිදුකළ සොයා බැලීම්වලදී අනාවරණ වී ඇති බ විදේශ කටයුතු අමාත්‍යාංශය 
සඳහන් කළා. චීනයේ වැඩබලන ශ‍්‍රී ලංකා තානාපති   කේ. යෝගනාදන් මහතා ප‍්‍රකාශ කර ඇත්තේ,
 චීනයේ දිවි ගෙවන ශ‍්‍රී ලාංකිකයින්ගේ ආරක්‍ෂාව පිළිබඳ නිරන්තරයෙන් සොයා බැලීමේ වැඩපිළිවෙලක් 
කි‍්‍රයාත්මක බවයි.  



කොරෝනා වෛසරයෙන් ගුවන් මගීන්ට සහ කාර්යය මණ්ඩලයට ඇතිවිය හැකි බලපෑම් අවම කිරීම සඳහා 
පුර්ව ආරක්ෂණ ක‍්‍රියාමාර්ග අනුගමනය කර තිබෙනවා.




නිවේදනයක් නිකුත් කරමින් ශ‍්‍රීලංකන් ගුවන් සමාගම සඳහන් කළේ, ආසියානු පැසිෆික් කලාපයේ ගුවන් 
කාර්ය මණ්ඩලය සහ අනෙකුත් කාර්ය මණ්ඩල ද ගුවන් යානා තුළ සහ ගුවන්තොටුපොළ තුළදී 
ක‍්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මේ වනවිට දැනුවත් කර ඇති බවයි.



රෝගය මේ වන විට දකුණු ආසියාව වෙත පැතිර ඇති අතර, එවැනි අවදානමක් ශී‍්‍ර ලංකාව හමුවේ ද 
පවතිනවා.  මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා
 වී එෆ්එම් ප‍්‍රවෘත්ති වෙත කියා සිටියේ ශී‍්‍ර ලංකාව තුළ විශේෂ සෞඛ්‍යාරක්‍ෂණ වැඩපිළිවෙලක් මේ වන විට 
ආරම්භ කර ඇති බවයි. එමෙන්ම අනිද්දා සියළු අංශ සමඟ විශේෂ සාකච්ඡුාවක් පවත්වා එම වැඩපිළිවෙල 
තවදුරටත් පුළුල් කරන බවද ඔහු පැවැසුවා.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot