පලිගැනීමට ලක්වූ අයට සහන දීම අංක එක..
තමන් බිහි කරන ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්යය වන්නේ මේ ආණ්ඩුව යටතේ පලිගැනීමට ලක් වූ සියලු දෙනාට සහන ලබා දීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීවේය.
ජනාධිපතිවරණයේදී සහයෝගය පල කළ ජතතාවට ස්තූති කිරීමේ රැස්වීම් මාලාවේ මාතලේ ලග්ගල හමුවේදී ඒ මහතා මේ බව පැවසීය.
'මේ ආණ්ඩුව කීවේ මේ රට සෞභාග්‍යයේ පරාදීසය කරනවා කියලා. නමුත් බලන්න බෙහෙත් පෙත්තේ ඉදලා සියල්ල අහස උසට ගිහින්. ජනතාව හාමතේ. අකාර්යක්ෂමතාවයෙන් ආණ්ඩුව නොහැකියාව පෙන්නලා ඉවරයි.
අද හැම තැනම දේශපාලන පලිගැනීම් .විසිහතර පැයම පලිගන්නවා. උසස් වීම් කප්පාදු කරලා.රැකියා අහිමි කරලා.දරු පවුල් ඈත් කරලා. සෞභාග්‍ය වෙනුවට දේශපාලන භීතිය වපුරලා. ගැඹිනි මාතාවන්ගේ පෝෂන මල්ල කපා දාලා.වකුගඩු රෝගී දීමනාව කප්පාදු කරලා.සියලුම සහන න්ෂ්ති කරලා.
අනාගතයේ අපි හදන ආණ්ඩුවේ මුලින්ම කරන්නේ මේ පලිගත්ත ජනතාවට සහන සලසන්නයි.
ජනතාව ඉල්ලන,ජනතාව බලාපොරොත්තු වන දර්ශනයක් ඔස්සේ පෙරට යන්න ඕන.
නව මුනුහුණුවරකින්,අලුත් දැක්මකින් අපි අපේ ගමන ක්‍රියාත්මක කරනවා.කිසිම වෙලාවක අපි අපේ පාක්ෂිකයින් හෝ සාමාජිකයින් පාවා දෙන්නේ නෑ. තනතුරු නිසා කැඩෙන්නෙ හෝ වෙන් වන්නේ නෑ.පුළුල් සංධානයකින් අපි පෙරට එනවා.'
No comments:
Post a Comment