ඉදිරියේදි පැවැත්වෙන මහ මැතිවරණයේදි දිවයිනේ සැම දිස්ත්‍රික්කයකටම තම පක්ෂයේ සමාජිකයන් තරග කරන බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ සභාපති ජනාධිපති නිතිඥය මෛත්‍රි ගුණරත්න මහතා පැවසිය.
මෛත්‍රි ගුණරත්න මහතා එ බැව් පැවසුවේ (26) දින හැටන් ලා ආඩම්ස් ශාලාවේ එම පක්ෂය විසින් කැදවා තිබු විශේෂ මාධ්‍යය හමුවක් පවත්වමිණි.
මෙම මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් අදහස් දැක් වු මෛත්‍රි ගුණරත්න මහතා කියා සිටියේ තම පක්ෂය නව පක්ෂයක් බවත්, පසුගිය ප්‍රාදේශිය සභා මැතිවරණයේදි තරගකර මුළු රටේම මන්ත්‍රිවරුන් 30 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් ලබා ගැනිමට හැකි වු බවයි.
වතු ආශ්රිත ප්‍රදේශවලින් මන්ත්‍රිවරුන් සිව්දෙනෙකු එක්සත් ජාතික නිදහස් පෙරමුණට දිනා ගැනිමට හැකි වු බවත්, රටේ සියළුම ජාතින්ට තම පක්ෂය තුලින් තරග කිරිමට අවස්තාව සැලසෙන බවයි මෛත්‍රි ගුණරත්න මහතා කියා සිටින්නේ.
බැදුම්කර වංචාව පිලිබදව මේ රටේ විශාල අන්දොලනයක් ඇති වු බවත්, අද වොහාරික වාර්තාව ලැබි තිබෙන නිසා බැදුම්කර සිද්ධියේ හොරුන් අල්ලන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලන බවයි මෛත්රිගුණරත්න මහතා කියා සිටින්නේ.
2015 වසරට ප්‍රථමත් මේ රටේ මුදල් සොරකම් කර ඇති බවත්, 2015 පසුවත් මේ රටේ සොරකම් ගණනාවක් සිදු වි ඇති බවයි මෛත්‍රි ගුණරත්න මහතා පෙන්වා දෙන්නේ.
ඉකුත් රජයේ අග්‍රාමාත්‍යයවරයා ලෙස කටයුතු කල රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවෙලා සිටි සමයේත් බැදුම්කර මුදල් වංචාව සිදු වි ඇති බවත්, පාඨලි , රංජන්ලා රාජිතලාගේ පස්සෙන් යන්නනේ නැතිව ලොකු මොරුන් පස්සේ හබාගොස් ඔවුන් නිතියේ රැහනට කොට කර ගන්නා ලෙස ජනාධිපතිවරයගෙන් ඉල්ලා සිටින බවයි මෛත්‍රි ගුණරත්න මහතා කියා සිටියේ.
මේ රටේ ජනතාවට පොරොන්දු වු දේවල් ඉෂ්ඨ නොකර 2/3 බලයක් ඉල්ලිම අසාධාරණ බවත්, ඉදිරි මාස කිහිපය තුල එම පොරෙන්දු ඉෂ්ඨ කරන්නේ නම් තම පක්ෂයේ සහයෝගයද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙන බවයි නිතිඥය මෛත්‍රි ගුණරත්න මහතා මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් කියා සිටිහ.
No comments:
Post a Comment