සීනි කම්හලේ සේවකයින්ට කසිප්පු විකුණන ජාවාරමක්.
කුකුරම්පොල ප්රදේශයේ දී සිදු කල වැටලීමකදී නීති විරෝධී මත්පැන් පැකට් කර අලෙවි
කල පුද්ගලයන් දෙදෙනකු එම මත්පැන් තොගයක් ද සමග අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් දෙදෙනා දීර්ඝකාලයක සිට පැල්වත්ත සිනී සමාගමේ සේවය කරන
කම්කරුවන් ඉලක්ක කර ගනිමින් මෙම කසිප්පු ජාවාරම පවත්වාගෙන ගොස් ඇති
බවට මූලික පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී පැකට් කර අලෙවි කිරීම සදහා සුදානම්
කර තිබි නීති විරෝධී මත්පැන් තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරුවන් මෙම කසිප්පු පැකට් එකක් රුපියල් පන්සීයක මුදලකට අලෙවි කර ඇති
අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු හතලිස් නවය සහ පනස් දෙක යන
වයස් වල පසුවන්නන් බව පොලිසිය පැවසීය.
එම සැකකරුවන් වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර
ඉදිරි විමර්ශන කොඨ්ඨාශ දූෂණ මර්දන ඒකකය විසින් සිදු කරයි.
No comments:
Post a Comment