නල්ලතන්නිය නගරයේ හා නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ
දුම්කොළ සහිත බුලත්විට වෙනුවට අලෙවි කිරීම සඳහා ආදේශකයක් ලෙස අයුර්වේද
දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇති බව පවසමින්, අලෙවිකරමින් තිබූ ඔසු විට නැමති වෙළඳ නිෂ්පාදනයයේ මාධ්‍ය ආවරණය වහා අත්හිටුවන ලෙස
දන්වමින් එම වෙළඳ ආයතනයේ අධ්යක්ෂ වරයා වෙත ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග
මහතා විසින් ලිඛිත දැනුම්දීමක් කර ඇත.
ආයුර්වේද කොමසාරිස් විසින් ඔසු විට
වෙළඳ නිෂ්පාදන ආයතනයේ අධ්‍යකෂ වරයා වෙත යවන ලද ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,
ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සඳහා යොමු කර ඇති මාධ්‍ය ප්‍රචාරණ දැන්වීමේ
කොලස්ටරෝල්, දියවැඩියාව, අර්ශෂ් හා මුඛ රෝගයන් සඳහා මෙම ඖෂධය යහපත් බව සඳහන් කර
ඇති බවත්,තවද ඖෂධ නිෂ්පාදන බලපත්‍රයේ කොන්දේසි කෙරෙහි අවධානය යොමුකර ඖෂධ ප්‍රචාරණයට
පෙර ආයුර්වේද සූත්‍ර කම්ටුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගත යුතු බවත්, එතෙක් මාධ්‍ය
ප්‍රචාරණය වහාම අත්හිටුවන ලෙසත්ය.
නල්ලතන්නිය නගරයේ හා නල්ලතන්නිය-ශ්‍රීපාද
මාර්ගයෙන් දුම්වැටි, බීඩි හා දුම්කොළ නිෂ්පාදන සහිත නිෂ්පාදන අලෙවිය හා බෙදා හැරීම
සම්පූර්ණයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ
වෛද්‍ය සේනක තලගල මහතාගේ උපදෙස් අනුව දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක
ගාමිණී පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කණ්ඩායමක් විසින්
දියත් කර තිබූ සෞඛ්‍ය ආරක්ෂිත වැඩ සටහන අනුව නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ වෙළඳසල්
හිමියන් රැසක් ස්වේච්ඡාවෙන් දුම්කොළ සහිත නිෂ්පාදන අලෙවිය නැවැත්වීමට මේ වන විට
පියවර ගෙන ඇත.
මේ සම්බන්ධව අප කළ විමසුමකදී ආයුර්වේද
දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අධ්යක්ෂ (සායන) වෛද්‍ය එස්.කේ.පී. තරංග මහතා පවසා
සිටියේ, මෙම බලත්විටේ අන්තර්ගතය සම්බන්ධව විද්‍යාත්මක වාර්තාවක් ලබා ගැනීම සඳහා
එහි සාම්පල් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති බවය.
මධ්‍යම පලාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය
ධම්මික අබේගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි මෙම බුලත්විට සම්බන්ධව, ආයූර්වේද
දෙපාර්තමේන්තුවේ අවධානය හා වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබුණි. ශ්‍රීපාද
විශේෂ රාජකාරි කටයුතුවල නිරතව සිටින පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක බන්දුල වික්‍රමසිංහ
මහතා ප්රමුඛ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන
එස්.එච්.ගෝදාපතිරණ, කේ.එම්.පී.එච්. කිරිමාන්න, එස්. පුෂ්පකාන්තන්, සරෝන් බ්‍රයන්
හා එස්. ශ්‍රීකාන්තන් යන නිලධාරීහූ මේ සම්බන්ධව සමීක්ෂණ
කටයුතුවල නිරත වූහ.
No comments:
Post a Comment