මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වු භාණ්ඩ ප්රවාහන
දුම්රියක් අඹේවෙල ප්රදේශයේදි පිලි පනි
මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වු භාණ්ඩ ප්රවාහන
දුම්රියක් අඹේවෙල ප්රදේශයේදි පිලි පනි, උඩරට දුම්රිය
ධාවනයට බාධා.
මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වු භාණ්ඩ ප්රවාහන දුම්රියක් පිලි පැනිම
හේතුවෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය
පාලක මැදිරිය පැවසිය.
ධාවනය වෙමින් තිබු භාණ්ඩ ප්රවාහන දුම්රිය නානුඔය සහ අඹේවෙල දුම්රිය
ස්ථාන දෙක අතර 130 සැතපුම් කණුව අසලදි (26) දින උදැසන 10.15 ට
පමණ දුම්රියේ භාණ්ඩ ප්රවාහන බොගියක් (පෙට්ටියක් ) පිලි පැන ඇති බවයි
නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පැවසුවේ.
පිලි පැනිමට ලක් වු දුම්රියේ මගි ප්රවාහන මැදිරියක් ද තිබු බවත්, දුම්රිය පිලි
පැනිමෙන් බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වන දුම්රියන් සහ කොළඹ
කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය දුම්රියන් වල මගින්ව භාණ්ඩ ප්රවාහන
දුම්රිය පිලි පැන ඇති ස්ථානය දක්වා ධාවනය කර එම මගින්ව දුම්රියන් දෙකට
මාරු කර ධාවනය කිරිමට කටයුතු කරන බවයි නාවලපිටිය දුම්රිය පාලක
මැදිරිය කියා සිටියේ.
පිලි පැන ඇති භාණ්ඩ ප්රවාහන දුම්රියේ බොගිය පිලි ගත කිරිමේ කටයුතු
කඩිනමින් ආරම්භ කරන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.
No comments:
Post a Comment