උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday, 29 January 2020

කොරෝනා බව සැකකරමින් උණ ගත් පාසල් සිසුවියක් පාසලක තනි වෙයි - ගුරුවරු සැගවුණු බව ගිලන්රථ රියදුරාගෙන් පැමිණිලි.

කොරෝනා බව සැකකරමින් උණ ගත් පාසල් සිසුවියක් පාසලක තනි වෙයි - ගුරුවරු සැගවුණු බව ගිලන්රථ රියදුරාගෙන් පැමිණිලි.

පාසල් සිසුවියක් දැඩි ලෙස රෝගී තත්ත්වයකට පත් වූ අවස්ථාවේ ඇයට කොරෝනා වැළඳී ඇති බවට සැක සිතා රෝහලට රැගෙන යෑම සඳහා කිසිවකු ඉදිරිපත් නොවීම හේතුවෙන් එම පාසල් සිසුවිය දැඩි රෝගී තත්ත්වයට හා අපහසුතාවට පත්වීමේ සිද්ධියක් මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා විදුහලකින් වාර්තා වනවා.

මෙම සිද්ධියට මුහුණපෑ 13 හැවිරිදි සිසුවිය හදිසියේම හටගත් ශ්වසන අපහසුතාව හේතුවෙන් රෝගාතුර වී ඇති අතර ඇගේ තත්ත්වය තරමක් බරපතළ බැවින් පාසලේ පාලනාධිකාරිය විසින් දුරකථන ඇමතුමක් ලබාදී ගිලන් රථයක් පාසලට ගෙන්වා ගෙන ඇති බව සඳහන්.

ගිලන් රථයට රෝගී සිසුවිය ඇතුළත් කළද ඇය සමඟ රෝහලට යෑමට කිසිවකු හෝ ඉදිරිපත් නොවීම හේතුවෙන් ගිලන්රථ කාර්ය මණ්ඩලයද භාරකාරයකු නොමැතිව දැරිය රෝහල වෙත රැගෙන යාම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

විනාඩි පහළොවකට අධික වේලාවක් දැරිය ගිලන් රථය තුළම දැඩි රෝගී තත්ත්වයෙන් පසුවූ බව පැවසෙන අතර ගිලන් රථයේ රියැදුරු විසින් මේ පිළිබඳව පාසල අසල රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණා.

කෙසේ වෙතත්, වහාම පාසල වෙත පැමිණි පොලිස් නිලධාරීන් මැදිහත්ව කරුණු වටහා දී ගුරුවරියකද සමඟ සිසුවිය රෝහල කරා යැවීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot