උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday 24 January 2020

ඇවන්ගාඩ් නඩුව විභාගය කල් යයි 

රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් දීම හාලබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපතිට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පැවරීමේදී එම කොමිසමේ කොමසාරිස්වරු විසින් ඊට අදාළ අනුමැතියක් ලබා දී තිබේද යන්න පිළිබඳව ලිඛිත  දේශනාා පෙබරවාරි මස 06 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ නියම කළා.


මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය ඉදිරියෙහි කැඳවනු ලැබුවා..

විත්තියේ නීතිඥවරු මීට පෙර නඩු දිනයේ අධිකරණයේ ඉල්ලීමක් කරමින් මෙම නඩුව ගොනු කිරීම සඳහා අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් විසින් ලිඛිත අනුමැතියක් ලබා දී  නොමැති නිසා මෙම නඩුව පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවට විත්තියේ නීතිඥවරු විසින් විරෝධතාවක් මතුකර තිබුණා.

මෙම මූලික විරෝධතාව අදාල ලිඛිත දේශනාද පැමිණිල්ල විසින් අධිකරණයට බාර දුන්නා.

විත්තියේ ලිඛිත දේශන පෙබරවාරි මස 6 වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස එහිදී මහාධිකරණ විනිසුරුවරිය විසින් විත්ති පාර්ශවයට නියම කලා

මෙම නඩුවේ විත්තිකරු ලෙස නම් කර සිටින විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති ලෙස කටයුතු කරන අතර  ආසියානු මලල ක්‍රීඩා සංගමයේ කටයුතු වලට සහභාගි වීමට අවශ්‍යව තිබෙන හෙයින් ඔහුට විදේශ ගත වීමට අවසර ලබාදෙන ලෙස ඔහුගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරිය මේ මස 28 වනදා සිට පෙබරවාරි මස 4 වන දා දක්වා කාලසීමාව තුළ  විත්තිකාර පාලිත ප්‍රනාන්දු මහතාට විදේශගතවීම සඳහා අවසර ලබා දුන්නා.


ඇවන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස් සමාගමට ගාලු වරාය ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ඉටු කර දීම සඳහා රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් දුන් බවට චෝදනා කරමින් මෙම නඩුව තුළින් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට චෝදනා එල්ල කර තිබේ.

එම ලක්ෂ 355 ක මුදල අල්ලස් වශයෙන් ලබා ගැනීම තුළින් විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ද වරදක් සිදු කර ඇතැයි මෙම නඩුවෙන් තවත් චෝදනාවක් එල්ල කර ඇත.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot