විවිධ වියදම් පියවීමට රජය රුපියල් කෝටි 13000 ක් ඉල්ලයි.
පැවති රජය විසින් පියවා නොමැති ගෙවීම් සිදුකිරිම වෙනුවෙන් අවශ්‍ය මුදල් වෙන්කර ගැනීම සඳහා නව පරිපූරක ඇස්තමේන්තුවක් ලබන පාර්ලිමේන්තු සතියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
පැවති රජය විසින් කොන්ත්‍රාත්කරුවන්ට හා සැපයුම්කරුවන්ට ලබාදිය යුතු රුපියල් කෝටි 13,000 ක් ගෙවන්නට සිදුවීම ඇතුළු රජයේ වියදම් සඳහා දැනට පවතින අතුරු අයවැයෙන් වෙන්කර ඇති මුදල් ප්‍රමාණවත් නොවන නිසා මෙම තීරණය ගෙන ඇතැයි ද ඇමැතිවරයා කීවේය.
අගමැති සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කර පසුව මෙම පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි ඇමැතිවරයා සදහන් කළේය.
No comments:
Post a Comment