උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday, 4 December 2019

තොරතුරු දැනගැනීමේ කොමිසමට එරෙහිව අභියාචනාධිකරණයේ පෙත්සමක්

ඉකුත් රජය විසින් උක් වගාව සඳහා ඉඩම් අක්කර 60,750ක් විදේශීය සමාගමක් වෙත ලබා දීමට ගනු ලැබූ තීරණය පිළිබඳව තමන් විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලූ තොරතුරු ලබා නොදීමට එරෙහිව පොළොන්නරු ප්‍රදේශයේ පදිංචි පාදේශීය මාධ්‍යවේදීයයෙකු විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

 පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි ප්‍රාදේශීය මාධ්‍යවේදි  මනෝජ් ප්‍රසන්න මහතා විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කළා.

 එහි වගඋත්තරකරුවන් ලෙස තොරතුරු දැනගැනීමේ කොමිසම, එහි සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් සහ ශ්‍රී මහවැලි අධිකාරිය, නීතිපතිවරයා ඇතුළු 11 දෙනෙකු නම් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ  ඉකුත් යහපාලන රජය විසින් ශ්‍රී ලංකාව සහලින් සහ සීනි වලින් ස්වංපෝෂිත කරණ බවට කැබිනට් තීන්දුවක් ගත් බවයි.

ඒ අනුව සීනි කර්මාන්තය වෙනුවෙන් උක් වගා කිරීම සඳහා පොළොන්නරුව, අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික් මායිම් වන පරිදි ඉඩම් අක්කර 60750 ක් රජය විසින් විදේශීය සමාගමකට පවරා දුන් බවට තමන්ට තොරතුරු ලැබී ඇතැයි ඔහු පවසනවා.

එසේ පවරණ ලද ඉඩම් පිළිබඳ තොරතුරු තමන් වෙත ලබාදෙන මෙන් තමා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ  ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය වෙතින් ඉල්ලීම් කළත් එම තොරතුරු ලබා දීම අදාල අධිකාරිය විසින් ප්‍රතික්ෂේප කළ බව පෙත්සම්කරු පවසන්නේ.

 ඊට එරෙහිව තමා තොරතුරු දැනගැනීමේ කොමිසම වෙත අභියාචනාධිකරණයක් ඉදිරිපත්  කළත් එම කොමිසම විසින් ද තමන්ට සාධාරණයක් ඉටු නොකළ බව පෙත්සම්කරු සඳහන් කළා.

 එබැවින් තමන් විසින් ඉල්ලා සිටින සම්පූර්ණ තොරතුරු ලබාදෙන ලෙස තොරතුරු දැනගැනීමේ කොමිසම හා මහවැලි අධිකාරිය වෙත රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් අභියාචනාධිකරණයට මෙම නඩුව ගොනු කර තිබෙනවා. 




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot