උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Saturday, 30 November 2019

ගෙදරට එන වන අලි ජංගමය දුරකතනයෙන් මිනිස්සු වීඩියෝ කරලා

දඹුල්ල ඉබ්බන්කටුව ,දඬුබැඳිරුප්ප, දේවහුව, දිග්ගල
,ගිරානේගම ,හබරත්තාවල , උළුකැටවැව, ප්‍රදේශවලට මේ
දිනවල දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලෙද පහළොවකින් පමණ
යුත් වන අලි රංචුවක් ගම්වැදි භවභෝග දේපල නිවාස විනාශ
කිරීමට පටන් ගෙන නිසා ජන ජීවිතය දැඩි අර්බුදයකට පත්ව
ඇතැයි ජනතාව කියති .

වන අලි රංචුව නිවෙස්වලට පැමිණෙන ආකාරයත් ප්‍රධාන
මාර්ගය හරහා නිවාස අද්දරින් ඇවිද යන ආකාරයත්මෙම
ගම්මානවල ජනතාව ඔවුන්ගේ ජංගම දුරකථන වලින් පවා
පටිගත කිරීම තරමටම වන අලින් සුලභව දක්නට ඇති බව
ඔවුහු පෙන්වා දෙති.

දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ කෙසෙල් අක්කර තුන හමාරක්
පැය කිහිපයක් ඇතුලත සම්පූර්ණයෙන්ම විනාශ කර දමා
තිබෙන බව ගම්වැසියෝ පවසති .එමෙන්ම වටිනා අඹ වතු
කුඹුරු වගා සියල්ල රාත්‍රී කාලයේ විනාශ කර දමා යන බව
ගොවීන් කියති.

දඹුල්ල දඬුබැඳිරුප්ප ප්‍රදේශයේ සහ දිග්ගල ප්‍රදේශයේ ජනතාව
මේ දිනවල දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේ ද නිදි වර්ජිතව
සිටින්නේ වන අලින්ගෙන් දේපළවලට වඩාත් ජීවිත බේරා
ගැනීමේ සටනකට බව පවසති.

මෙම ජනතාව සොයා ගිය අපට ද දැක ගැනීමට හැකි වූයේ
බාල මහලු වැඩිහිටි සියලු දෙනාම අලි ගම් වැදීම
බලාපොරොත්තුවෙන් නිදි වර්ජිතව ජීවිත බියකින් පසුවන
ආකාරයයි.

අඩුම තරමේ මෙම ප්‍රදේශයේ ජනතාවට අලි වෙඩිල්ලක් හෝ
නොමැති බව ඔවුහු පවසති. වනජීවී නිලධාරීන් ද දැනුවත් කළ
ද මෙම ප්‍රදේශවලට නොපැමිණි බවට චෝදනා එල්ල විය.

එහෙත් සීමිත වනජීවී නිලධාරීන් මේ දිනවල සෑම ස්ථානයකම
වන අලින් ගම්වැදීම නිසා ඔවුන්ද අසීරුතාවයකට පත්ව ඇති
බව අප සිදුකළ සොයා බැලීමකදී අනාවරණය විය.

එකවරම ජන ජීවිතය විනාශ වන අන්දමට ම වන අලි
තර්ජනය පැතිරයාම බරපතළ ප්‍රශ්නයක් බවත් ඇතැම්
ප්‍රදේශවලට වසර පහ හයකින් වනඅලියෙකු නොපැමිණි බවත්
එහෙත් මේ දිනවල අලින් ගම් වැදී තිබෙන බව ගොවීන් කියති.

අලින් ගම්වැදීම ට හේතුවප්‍රදේශයේ සංචාරක කර්මාන්තය
දියුණු කිරීම සඳහා වැව්තාවුලු වැව් අමුණු ඇළ දොළ ගංගා
රක්ෂිත සියල්ල සංචාරක කර්මාන්තය සඳහා සහ විවිධ
කර්මාන්ත වලට යොදා ගෙන ඇතැම් රක්ශිත පෞද්ගලික
ජනතාව අත්පත් කරගෙන සිටීම නිසා වන අලින් රැඳී සිටි වැව්
වලට ජලය කිරීමත් සමඟ ඔවුන්ට ආහාර නොමැතිකම වාසය
කිරීමට භූමිය නොමැතිකම නිසා ගම් වැදී සිටින බව බොහෝ
දෙනකු පැවසූහ.

වර්තමාන වනජීවී අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා කියා
සිටියේ කඩිනමින් ලබන පළවෙනිදා සිට දිවයින පුරා වන අලි
ගම් වැදීම පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගන්නා බවය.










No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot