හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයෙන් විශ්‍රාම යෑමෙන් පසුව අද(30) පොළොන්නරුවට පැමිණියේය.
මේ අනුව විශ්‍රාම ගොස් නැවත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් පොලොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේදී සංවිධානය කෙරිණි.
මෙහි දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ලද පළාත් සභා ප්‍රාදේශීය සභා මහජන නියෝජිතයින් විසින් හිටපු ජනාධිපතිවරයා බුලත් හුරුළු දී පිළිගත් අතර මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනය ජනාධිපතිවරයාට ආශිර්වාද ලැබිණි.
මෙම අවස්ථාවට වර්තමාන රජයේ අමාත්‍යවරයෙකු වන දයාසිරි ජයසේකර මහතා ද එක්ව සිටියේය.
No comments:
Post a Comment