උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday, 28 November 2019

2020 පළමු පාසල් වාරය ආරම්භ වීමට පෙර සියලු පාසල්වල ඩෙංගු මදුරුවන්ගෙන් තොර සුරක්ෂිත පරිසරයක් පවත්වාගැනීමට උපදෙස්

දිවයින පුරා මේ දිනවල ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් තෙවැනි පාසල් වාරය අවසන් වන දින හා 2020 පළමු පාසල් වාරය ආරම්භවීමට පෙර දෙමව්පියන් සම්බන්ධ කරගනිමින් පාසල් පරිශ්‍රයන් පිරිසිදු කර ඩෙංගු මදුරුවන්ගෙන් තොර සුරක්ෂිත පරිසරයක් පවත්වාගැනීම‍ට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියි.

එළඹෙන දෙසැම්බර් මාසයේ  පැවැත්වෙන අ.පො. ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුදරුවන්ගේ ආරක්ෂාව උදෙසා විභාගය පැවැත්වීමට පෙර පහසු දිනයක දී හා විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විභාගයට බාධා නොවන පරිදි ඉරිදා දිනයක දී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සමග සාකච්ඡා කර ධුමායන කටයුතු සිදුකරගැනීමට කටයුතු කරන ලෙසත්, විභාගයට පෙර පාසල තුළ ආරක්ෂාකාරී පරිසරයක් පවත්නා බව තහවුරු කරගන්නා ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

එමෙන් ම ඩෙංගු මර්දන වැඩසටහන්  දිවයින පුරා සියලු පාසල් මෙන් ම පිරිවෙන්, විද්‍යාපීඨ, ගුරු විද්‍යාල, කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල ඇතුළු සියලු ම අධ්‍යාපන ආයතනවල අඛණ්ඩ ව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසද  මේ වනවිටත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පළාත් නිලධාරීන් දැනුවත් කර තිබේ.






No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot