උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday, 26 February 2020

තලගොයි පිස්සුවාට දෙලක්‍ෂ අසූදහසක දඩ.


නාඋල,පුබ්බිලිය,දඹගොල්ල රජයේ රක්ෂිතයෙදී  තලගොයි අට දෙනෙකු ඝාතනය කර පුළුස්සමින් සිටියදි අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාර සිටි  සැකකරුවන්  සය දෙනාම  25 දින යලි අධිකරණයෙදී  වරද පිළිගැනීමෙන් පසු රුපියල් 2,80,000 දඩ මුදලක් ගෙවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය..
 නාඋල මහේස්ත්‍රාත් නාලක සංජය වීරසිංහ මහතා මෙම නියෝගය ලබා දුන්නේය.
මෙසේ  දඩ නියම වුයේ නාඋල ,පුබ්බිලියහා මනන්වත්ත  පදිංචි ඒ.ජි.කළු බණ්ඩා,කසුන් ශ්‍රීකාන්ත් ගුණරත්න ,රෝහිත උපුල් බණ්ඩාර,විමුක්ති විජිත බණ්ඩාර,චමින්ද හේරත්,එම්.ජි.ඩිංගිරි බණ්ඩා යන සය දෙනාටය.
  සැකකරුවන්  සන්තකයේ තිබී පුළුස්සන ලද තලගොයි අටදෙනෙකුගේ සිරුරු,  බොර 12 ගිනි අවියක්හා පතරොම් දෙකක්  ඇතුළු උපකරණ කීපයක්  නාඋල මහේස්ත්‍රාත් අධිකරණයට   ඉදිරිපත් කර තිබුණි..
බකමුණ,ඇලහැර,රජ්ජම්මන,කළුන්දැව වනජීවී නිලධාරීන් කණ්ඩායම් එම ප්‍රදේශය වටා ඉදිකර ඇති විදුලි වැට ඉකුත් 1 දින නිරීක්ෂණය  කරමින් ඉදිරියට යමින් සිටියදී රක්ෂිතය තුලින් ඉහල අහසේ හමා යන දුම් රොඩු ඔස්සේ පරික්ෂා කිරීමේදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබුණි.
පොලොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂක කේ.එස්.චන්ද්‍රරත්න,ඇලහැර වනජීවී අඩවි ආරක්ෂකකේ,ආර්.පියදාස යන නිලධාරීන්ගේ අධීක්ෂණයෙන්  බකමුණ බිට්ටු වන සත්ව නියාමක ජේ.එම්.ඒ.එස්.ජයසුන්දර ,ඇලහැර ,රජ්ජම්මන හා කළුන්දැව යන වනජීවී  නිලධාරීන් විසින් වැටලීම සිදුකර ඇත.
මාතලේ අඩවි ආරක්ෂක එම්.බි,විජේකෝන් මහතා විසින් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.







No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot