සංවර්ධන වැඩසටහනකට කුලී වැඩෙන් තැනූ නිවහනක් යටවෙයි - පවුලක් සියදිවි නසා ගැනීමට යයි.
තනාගත් නිවස අහිමි වී දරු පවුලක් සියදිවි නසා ගැනීමට
යන දුක්බර පුවතක් ගලේවෙල ප්‍රදේශයෙන් වාර්තා වේ.
ගලේවෙල වෑමැඩිල්ල ජලාශය සිට වයඹ පළාතට ජලය
රැගෙන යෑම සඳහා අලුතින් ඉදිකෙරෙන වයඹ ඇළ
ව්‍යාපෘතියේ ඉදිකිරීම් නිසා මෙම නිවස ජීවත් වීමට නොහැකි
තත්ත්වයකට පත්ව කඩාවැටීමේ අවදානමකට ලක්ව තිබේ.
මෙම අවදානම් තත්ත්වයට මුහුණ පා දැනට වෙනත් කුලී
නිවසක පදිංචිව සිටිනු ලබන්නේ ගලේවෙල පල්ලෙවෙල
ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව් .අනෝමා වීරසිංහ මහත්මිය, එච් .එම්
.චන්ද්‍රසිරි මහත්මයා ,මෙවර උසස් පෙළ විභාගය සඳහා
අධ්‍යාපනය හදාරන ඔවුන්ගේ පුතා සහ තවමත් 7 වසරේ
අධ්‍යාපනය ලබන අනිත් පුතා බව ඔවුහු පවසති.
මීට වසර එකහමාරකට ඉහත සිට වයඹ ඇළ ව්‍යාපෘතිය
ඉදිකිරීම් හේතුවෙන් මෙම නිවස ඉරිතලා කඩා වැටීමේ
අවදානමක ලක් වීමට පටන්ගත් බව අනෝමා වීරසිංහ මහත්මිය
පැවසුවාය.
පසුව ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට
ජනාධිපතිවරයා දක්වාම තමන් සිදුව ඇති අසාධාරණය පිළිබඳව
ලිඛිතව හා වාචිකව දැනුම් දීමෙන් සමග එම පිරිස පැමිණ තම
නිවසේ ඉරිතැලී ඇති ස්ථාන හැත්තෑවකට වඩා වැඩි
ප්‍රමාණයක සටහන් දමා කොළ කැබලි අලවා ගිය බව ඇය
පැවසුවාය.
මේ වන විට එම නිලධාරීන් ඇලවූ කොළ කැබලි ද පසාරු
කරගෙන නිවස දෙදරා කඩාවැටීමේ දැඩි අවදානම් තත්ත්වයකට
පත් වීමත් සමඟ ඔවුන්ට සිදුව ඇත්තේ වෙනත් ප්‍රදේශයක
කුලී නිවසක ජීවත් වීමයටය .
ඒ සඳහා කොන්ත්‍රාත් සමාගමෙන් නිවසේ කුලිය මාස
කිහිපයක් ලබා දුන් බවත් වර්තමානය වන විට එම මුදල ද
ලබා නොදී සිටින බව ගෙහිමි අනෝමා වීරසිංහ මහත්මිය
පැවසුවාය.
තම සැමියා කුලී වැඩක් කරන බවත් තමන් ගමේ රෙදි මසා
දරුවන් දෙදෙනාට ඉගැන්වීම් කටයුතු සිදු කළ බව ද සමුර්ධි
බැංකුවෙන් ණයක් ලබාගෙන තම නිවස වසර ගණනාවක්
තිස්සේ තමන්ම අත්වැඩ ලබාදී බදාම අනා ඉදි කළ ගත් එකක්
බව ඇය හැඬු කඳුළින් පැවසුවාය.
ඔවුන් පදිංචිව සිටින එම නිවසේ අවදානම් තත්ත්වය කොතෙක්
ද යන්න පැහැදිලි වන්නේ නිවස ඇතුලත ඇති ගඩොල් බැමි
මේවනවිටත් නිවස තුලට කඩා වැටෙමින් පැවතීම නිසාවෙනි .
එමෙන්ම නිවස තුළ සිට වයඹ ඇලේ ඉදිකිරීම් කරන යන්ත්‍ර
සූත්‍ර පිපුරුම් අස්සෙන් දර්ශනය වීම ද විශේෂත්වයකි.
එවැනි පසුබිමක් පවතිද්දී ඉදිකිරීම් සමාගම සහ මහවැලි
අධිකාරිය කියා ඇත්තේ මෙම නිවසට වන්දි මුදලක් ලබාදීමට
හෝ වෙනත් නිවසක් තනා දීමට නොහැකි බවය .
සිදු කර හැක්කේ දැනට පවතින පුපුරා ගිය ස්ථාන අලුත් වැඩියා
කර දීමට පමණක් හැකි බව ඇයට දැනුම් දුන් බවය .
පසුව ඉදිකිරීම් කොන්ත්‍රාත් සමාගමට සහ මහවැලි අධිකාරියේ
නිලධාරීන්ට අප එම නිවසේ සිටම දුරකතනයෙන් කතා කොට
විමසීමේදී නිලධාරීන්ද කියා සිටියේ මෙම නිවසට නව නිවසක්
තනා දීමට නොහැකි බවත් ඔවුන්ට කැඩී බිදී ගිය ස්ථාන නැවත
පිළිසකර කර දීමට හැකි බව ය.
එහෙත් මෙම ස්ථානය යන එන දකින ඕනෑම කෙනෙකුට සිදුව
ඇති මහා අවදානම් තත්ත්වය සියැසින් දැක බලා ගැනීමට
හැකියාව තිබේ. නිවැසි හිමි කාන්තාව වන අනෝමා වීරසිංහ
මහත්මිය කියා සිටින්නේ තමාට ශක්තිමත් නව නිවසක් මේ
ආකාරයටම තනාදීම සිදුකළ යුතු බව ය. එසේ නොවන්නේ නම්
තමන් තව දින කිහිපයක් බලා දරුවන් ද සමඟ මෙම නිවසට
පදිංචියට පැමිණ තම ජීවිත විනාස කර ගැනීමේ තීරණය කරන
බවය .එහි වගකීම මහවැලි අධිකාරිය විසින් ගත යුතු යැයි ඇය
පැවසුවාය.
No comments:
Post a Comment