උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday, 28 February 2020

නිලධාරීන් පිරිසකගේ නිවාසවලට නොමෙිලේ AC - ඇමති එස්.එම්. ගේ ලිපියක් පිටවෙයි.


නිලධාරීන් පිරිසකගේ නිවාසවලට නොමෙිලේ AC - 
ඇමති එස්.එම්. ගේ ලිපියක් පිටවෙයි.


නිවසේ එක් කාමරයක් නොමිලේ වායු සමීකරණය කර දීම පිලිබද සාකච්චාවකට ඇමති චන්ද්‍රසේන සිය`ඵ කෘෂිකර්ම පර්යේෂණ හා කෘෂි නිෂ්පාදන සහකාර නිලධාරීන් අනුරාධපුරයේ කාර්යාලයට කැදවලා

කෘෂිකර්ම පර්යේෂණ හා කෘෂිකර්ම නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ නිවෙස්වල එක් කාමරයක් නොමිලේ වායු සමීකරණය කර දීම සම්බන්ධයෙන් පැවැත්වෙන විශේෂ සාකච්චාවක් සදහා එම නිලධාරීන් අද (28) වන දින ඉඩම් හා ඉඩම් සංවර්ධන පරිසර හා වනජීවි අමාත්‍ය එස් චන්ද්‍රසේන මහතාගේ අනුරාධපුර කුරුන්දන්කුලම පිහිටි කාර්යාලයට කැදවා තිfබි

මෙම කැදවීම කරමින් ඉඩම් හා ඉඩම් සංවර්ධන පරිසර හා වනජීවී අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතාගේ අත්සනින් අමත්‍යවරයාගේ  අමාත්‍යංශයේ ලිපි ශීර්ෂයක සිය`ඵම කෘෂිකර්ම පර්යේෂණ හා කෘෂි නිෂ්පාදන සහකාර නිලධාරීන්ට 2020 පෙබරවාරි මස 24 දින යවා ඇති එම ලිපියේ තවදුරටත් මෙසේද සදහන්ය   

සියඵම කෘෂිකර්ම  පර්යේෂණ හා කෘෂි නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ විශේෂ හමුව
2019 ජනාධිපතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය සදහා ඔබ කල සුවිශේෂි කැප කිරීමට මාගේ කෘතඥතාවය පිරිනමන අතර සිය ඵම කෘෂිකර්ම පර්යේෂණ හා කෘෂි නිෂ්පාදන සහාකර නිලධාරීන්ගේ නිවාස වල එක් කාමරයක් නොමිලේ වායු සමීකරණය  කිරීම පිලිබදව හා විශේෂ කරුණු කිහිපයක් සාකච්චා කිරීමට රැස්වීමක් 2020 පෙබරවාරි මස 28 වන දින පෙරවරු 8 30 ට අනුරාධපුර මාතලේ හංදිය කරුන්දන්කුලම පිහිටි මාගේ කාර්යාලයේ රැස්වීම් ශාලාfවිදී පැවැත්වෙන බැවින් fමි සාකච්චාවට ඔබ තුමට  ඔබ තුමියට   සහභාගි වන ලෙස කාරුණිකව ආරාධනා කරමි 

ස්තූතියි 
මෙයට විශ්වාසි 
එස් එම් චන්ද්‍රසේන 
ඉඩම් හා ඉඩම් සංවර්ධණ පරිසර හා වනජීවි අමාත්‍ය


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot