මස්කෙලිය ප්‍රදේශයේ වන වගා රක්ෂිතයක හටගත් ගින්නකින්
අක්කර 10 ක් ගිනිගෙන විනාශ වෙයි.
අක්කර 10 ක් ගිනිගෙන විනාශ වෙයි.
මස්කෙලිය පොලිස් වසමට අයත් මස්කෙලිය බ්‍රවුන්ස්වික් වතු යායට අයත්
සොලන්කන්ද කොටසේ වන වගා රක්ෂිතයක හටගත් ගින්නකින් අක්කර 10 ක්
පමණ ගිනිගෙන විනාශ වි ඇති බව මස්කෙලිය පොලිසිය පැවසිය.
(27) දින පස්වරු 3 ට පමණ හටගත් ගින්න (27) දින මධ්‍යම රාත්‍රිය තෙක්
පැති ගොස් ගින්න මේ වන විට නිවි ගොස් ඇති බවයි වතු පාලන අධිකාරිය
පැවසුවේ.
යුකෙලෙප්ස්ටික් වගා රක්ෂිතයට පහලින් මස්කෙලියඔයද ගලා බසින බවත්,
එම වන වගා රක්ෂිතයේ සිට වතු කම්කරුවන්ට පානිය ජලය ලබාදිමට ජලය
ලබා ගන්නා ජල මුලාශ ගණනාවක්ද වන වගා රක්ෂිතය තුල තිබු බවයි වතු
පාලන අධිකාරිය කියා සිටියේ.
වන වගා රක්ෂිතය තුල සැරි සරන වල් ඌරන් , ඉත්තැවන් , හාවුන් වැනි වන
සතුන් දඩයම් කිරිමේ අරමුණින් කිසියම් පිරිසක් විසින් වන වග රක්ෂිතයට ගිනි
තබන්නට ඇති බවට පොලිසිය සැකකරයි.
No comments:
Post a Comment