.මාස 06 ට පෙර සිට දැන ගත් කොරෝනා අවදානම
ලෝකයටම බලපෑමක් විය හැකි වෛරසයක් සම්බන්ධයෙන් මාස 06 ට පෙර අනතුරු ඇගවීමක් සිදුකර තිබූ බවත්, ඒ කෙරෙහි ලෝකයේ රටවල් ප්‍රමාණවත් අවදානයක් යොමු කළේද යන්න පුළුල්ව විමසා බැලිය යුතු කාරණයක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛරස් රෝග පිළිබඳ විශේෂඥ මේරියන් කූප්මන්ස් මහත්මිය පවසනවා. ඇති විය හැකි මෙම අවදානම් සහිත තත්ත්වය ”ඞ” ලෙස නම්කර තිබූ බවත්, ඇය පෙන්වා දී තිබෙනවා. ෂෙල් නැමැති ජාත්‍යන්තර වෛද්‍ය සඟරාව වෙත ලිපියක් යොමු කරමින් ඇය මේ බව ප්‍රකාශ කර තිබුණා. එමෙන්ම ඇය පෙන්වා දී ඇත්තේ එක්ස් ලෙස නම් කළ එම අවදානම මේ වන විට කොරෝනා හෙවත් කොවිඞ් 19 ලෙස මතු වී ඇති බවයි.
මේ වන විට උද්ගතව ඇති තත්ත්වයට වර්තමාන ගෝලීයකරණය වූ සමාජය මුහුණ දීමට සූදානම් වීය යුතු බව විශේෂඥ වෛද්‍ය මේරියන් කූප්මන්ස් මහත්මියගේ මතයයි. එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියෙකු විසින් නිකුත් කර ඇති තවත් වාර්තාවක දැක්වෙන්නේ වෛරස් උණ වැනි රෝගයක ව්‍යාප්ත වීමක් සම්බන්ධයෙන් බොහෝ කලකට පෙර අනතුරු ඇගවීම් නිකුත් කර තිබු බවයි. එමෙන්ම එම වෛරසය පෘථිවි ජන ගහණයෙන් මිලියන 80 ට මරණය උරුම කිරීමට හේතු විය හැකි බවටද පුරෝකතනය කර තිබු බවද එම වාර්තාවේ දැක්වෙනවා. මේ වන විට ලෝකයේ රටවල් 40 ක කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් 80,000 ට ආසන්න සංඛ්‍යාවක් හමුවී ඇති අතර වාර්තා වී ඇති කොරෝනා මරණ ගණන 3000 ට ආසන්නයි.
කොරෝනා වෛරසය දකුණු කොරියාවේ ප්‍රදේශ රැසක ව්‍යාප්ත වීම මේ වන විට මතු වී තිබෙන තවත් ප්‍රබල ගැටළුවක්. මේ වනවිට දකුණු කොරියාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් ඇති අතර, කෙරෝනා වෛරසය හේතුවෙන් දකුණු කොරියාවේ පවතින වත්මන් තත්ත්වය එතරම් සුබදායක නැතැයිද එරට වාර්තාවල දැක්වුණා. කෙසේ වෙතත් වෛරසයෙන් දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ඇතුළු කිසිදු විදේශිකයින්ට මේ දක්වා කිසිදු බලපෑමක් එල්ල වී නැහැ. දකුනු කොරියානේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයින් පිළිබඳ අවදානය යොමු කිරීමට විශේෂ වැඩපිළීවෙලක් ආරම්භ කර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යංශ පැවැසුවේ
.
No comments:
Post a Comment