උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday 21 February 2020

අමානුෂික පහරදීමට එරෙහිව විරෝධතා


 අමානුෂික පහරදීමට එරෙහිව විරෝධතා 



 
හික්කඩුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප‍්‍රදේශයට අයත් හෝටල් හිමිකරුවෙකු විසින් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වෙරළ තීරයේ ආරක්ෂිත ගල්බැම්ම හා ඒ අවට ප‍්‍රදේශය අනවසරයෙන් ගොඩ කිරීමක් සිදු කරන අවස්ථාවේ එය වැළැක්වීමට ගිය වෙරළ සංරක්ෂණ නිලධාරී ක‍්‍රිස්ටි විජයකුමාර මහතාට 2020.02.19 වන දින අමානුෂික ලෙස පහර දී ඇත.
 
පහර කෑමට ලක්  නිලධාරියා මේ දක්වා කරාපිටිය රෝහලේ නේවාසික ව ප‍්‍රතිකාර ලබන අතර පහරදීම සිදුකළ පුද්ගලයින්ට අදාළව මේ දක්වා නීතිය ක‍්‍රියාත්මක කිරීමක් ද සිදුකර නැත.

පහරදීම හා නීතිය සාධාරණ ලෙස ක‍්‍රියාත්මක නොවීමට විරෝධය පාමින් ක්‍ෂේත‍්‍ර නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවකයින්ගේ සහභාගිත්වයෙන් උද්ඝෝෂණ ව්‍යාපාරයක් පෙබරවාරි 20 දවල් 12ට හික්කඩුව නගරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එම අවස්ථාව ආවරණය කිරීම සඳහා ඔබ මාධ්‍ය ආයතනයෙන් මාධ්‍යවේදී මහත්ම මහත්මීන් වෙත මෙයින් ආරාධනා කර සිටිමු.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot