උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 20 February 2020

බැදුම්කර ගණුදෙනු පිළිබඳ නීතිමය පියවර ගැනීමේ වගකීම මහ බැංකුවට.



බැදුම්කර ගණුදෙනු පිළිබඳ නීතිමය පියවර ගැනීමේ වගකීම මහ බැංකුවට.

වෝහාරික විගණන වාර්තා පදනම් කර ගනිමින් මහබැංකු බැදුම්කර වංචා සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමේ වගකීම ශ්‍රී ලංකා මහබැංකුව වෙත පැවැරෙන වගකීමක් බව ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී තිබෙනවා. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් කෝප් කමිටුවේ සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා වෙත යොමුකළ ලිපියක මේ බව දැක්වුණා.

මෙම ලිපිය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරමින් සුනිල් හදුන්නෙත්ති මන්ත්‍රිවරයා අවධාරණය කර සිටියේ මේ සම්බන්ධයෙන් නීතිමය මැදිහත්වීමක් සඳහා පාර්ලිමේන්තුවටද වගකීමක් ඇති බව ජනාධිපතිවරයාගේ ස්ථාවරය මඟින් පැහැදිලි වන බවයි. 



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot