උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday 21 February 2020

කොරෝනා හමුවේ ගුවන් සමාගම්වලට බිලියන ගණනක් අහිමියි.


කොරෝනා හමුවේ ගුවන් සමාගම්වලට බිලියන ගණනක් අහිමියි.

ලොව පුරා පැතිර යන නව කොරෝනා වෛරස් තත්වය හේතුවෙන් මෙම වසරේදී ඩොලර් බිලියන 29.3 ක ආදායමක් ගුවන් සමාගම්වලට අහිමි වන බව ගෝලීය ගුවන් සේවා කර්මාන්ත ආයතනය අනතුරු අÛවා තිබෙනවා.

ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය  අනාවැකි පළ කරන්නේ දශකයකට වැඩි කාලයක් තුළ පළමු වරට ගුවන් ගමන් සඳහා ඇති ඉල්ලූම පහත වැටෙනු ඇති බවයි.

චීනයේ සහ ආසියා පැසිෆික් කලාපයේ අනෙකුත් ප්‍රදේශවල ගුවන් සමාගම් වෙත මෙමගින් දැඩි බලපෑමක් එල්ල වන බවයි එහිදී පෙන්වා දී ඇත්තේ.

මෙහිදී ආසියා පැසිෆික් කලාපයේ ගුවන් සමාගම්වලට ඩොලර් බිලියන 27.8 ක ආදායම් අලාභයක් අපේක්ෂා කරන අතර ආසියාවෙන් පිටත සිටින අයට ඩොලර් බිලියන 1.5 ක ආදායමක් අහිමි වනු ඇතැයි අපේක්ෂා කරන බවයි ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot