උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 20 February 2020

මත්ද‍්‍රව්‍ය සොයා නාවලපිටියේ මහ මෙහෙයුමක්.

මත්ද‍්‍රව්‍ය සොයා නාවලපිටියේ මහ මෙහෙයුමක්.



නාවලපිටිය නගර සිමාවේ මත්ද්‍රව්‍යය සොයා පොලිස් ස්ථාන හතක
නිලධාරින් එක් වි සිදු කල හදිසි මෙහෙයුමකදි මත්ද්‍රව්‍යය සන්තකයේ
තබාගෙන සිටි සැකකරුවන් 12 දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගැනේ.
නාවලපිටිය නගර සිමාවේ මත්ද්‍රව්‍යය අත්අඩංගුවට ගැනිම සදහා (20) දි
උදැසන සිට සිදු කල පැය පහක මෙහෙයුමකින් මත්ද්‍රව්‍යය සන්තකයේ
තබාගෙන සිටි සැකකරුවන් 12 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව
නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක
කේ.එච්.පි.කලුගම්පිටිය මහතා පැවසිය.
මතින් තොර නාවලපිටියක් යන මැයෙන් පසුගිය දා නාවලපිටිය ප්‍රදේශයේ
පැවති මත්ද්‍රව්‍යය නිවාරණ වැඩසටහනකදි රාජ්‍යය අමාත්‍යය මහින්දානන්ද
අලුත්ගමගේ මහතා පොලිසියටද චෝදනා කරමින් කියා සිටියේ නාවලපිටිය
ප්‍රදේශයේ පාසල් සිසුන් 500 ක් පමණ මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහි වි සිටින
බවත්, ඉන් පාසල් ළමුන් තිදෙනෙකු මිය ගිය බවයි.
නාවලපිටිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍යය ජාවාරම සිදු කිරිම සදහා නාවලපිටිය
පොලිසියේ ඇතැම් නිලධාරින්ගේ සහ ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහයෝගය
ලැබෙන බවටද අමාත්‍යවරයා විසින් චෝදනා කර සිටියා.
රාජ්‍යය අමාත්‍යවරයාගේ එම චෝදනාවෙන් පසු මධ්‍යම පලාතභාර ජෙෂ්ඨ
නියෝජ්‍යය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ සහ මධ්‍යම පලාතභාර
නියොජ්‍යය පොලිස්පති එල්.ආර්.රණවිර මහතාගේ උපදෙස් පරිදි ගම්පොල
කොට්ඨාශභාර ජෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය හින්කෙන්ද මහතාගෙන්
අධික්ෂනය යටතේ ගම්පොල , ගලහ , පුපුරැස්ස ,පුස්සැල්ලවා ,නාවලපිටිය සහ
නව කුරුදුවත්ත යන පොලිස් ස්ථාන වල පොලිස් නිලධාරින් 150 කට ආසන්න
පිරිසක් සහ මධ්‍යම පලාත් පොලිස් සුනඛ අංශයේ පොලිස් සුනඛයින් 8 දෙනෙකුද
සහයෝගය ඇතිව (20) දින උදැසන 5 සිට 10 දක්වා දක්වා පැය පහක කාලයක්
මෙම මෙහෙයුම සිදු කලහ.
මෙම මෙහෙයුමේදි සැකකරුවන් සන්තකයේ තිබි අයිස් ,හෙරොයින් , කේරල ගංජා
, බාබුල් සහ සිනි කරිඤ්ඤන් අත්අඩංගුවට ගත් බවයි මෙහෙයුම සිදු කල පොලිස්
නිලධාරින් කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20 ත් 40 වයස් කාණ්ඩවල පසුවන අය
බවත්, සැකකරුවන් නාවලපිටිය ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි වැටලිම සිදු
කල පොලිස් නිලධාරින් කියා සිටින්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත
ඉදිරිපත් කිරිමට නියමිතය.












No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot